ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන 20-20 බිග් බෑෂ් (බී. බී. එල්.) ලීග් ක‍්‍රිකට් තරගාවලියේදී හෝබාර්ට් හරිකේන්ස් කණ්ඩායම නියෝජනය කිරීමට කුමාර් සංගක්කාර කැමැත්ත පළකර තිබේ.
වසර දෙකක (2015/16) කාලයක් වෙනුවෙන් කුමාර් සංගක්කාර ගිවිසුම් අත්සන් කර ඇති අතර ඔහු සමග එම කණ්ඩායමේ අනෙක් විදෙස් ක‍්‍රීඩකයා වශයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක‍්‍රීඩක ඩැරන් සමී තෝරාගෙන තිබේ.
”සංගක්කාර වැනි ක‍්‍රීඩකයෙක් හෝබාට් කණ්ඩායම නියෝජනය කිරීම හෝබාර්ට් පේ‍්‍රක්‍ෂකයන්ව සතුටට පත්කරවන්නක්. සංගක්කාර විශිෂ්ට හැකියාවක් ඇති ක‍්‍රීඩකයෙක්. ඔහු සමග ඩැරන් සමී කණ්ඩායමට එක්වීම අපිට සතුටට කරුණක්” යයි හොබාර්ට් හරිකේන්ස් කණ්ඩායමේ පුහුණුකරු ඬේමියන් රයිට් පවසා තිබේ.
පසුගිය ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියෙන් පසුව එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් දිවියට සමුදුන් සංගක්කාර ජාත්‍යන්තර එක්දින තරග 404 ක් සහ විස්සයි විස්ස තරග 56 ක් නියෝජනය කර තිබේ.
”බිග් බෑෂ් තරගාවලිය ඉතාමත් විනෝදජනක තරගාවලියක්. උසස් තත්ත්වයේ ක‍්‍රිකට් ක‍්‍රීඩා කළ හැකි තරගාවලියක් තමයි බිග් බෑෂ් තරගාවලිය”
”මම ශ‍්‍රී ලංකාව නියෝජනය කරන හැම අවස්ථාවකදීම හෝබාට්වල සංචාරය කරන්න කැමැතියි. එහි හොඳ මිතුරන් සිටිනවා. මම බලාපොරොත්තුවෙන් ඉන්නවා මේ අභියෝගය භාර ගන්න.” යනුවෙන් කුමාර් සංගක්කාර පවසා තිබේ.
- 033
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.