Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සංගා සරේ පිල නැවතත් ඔසවා තබයි

සංගා සරේ පිල නැවතත් ඔසවා තබයි

Dilrukshi - 2015 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

එංගලන්ත ප‍්‍රාන්ත තරගාවලියේදී සරේ ප‍්‍රාන්ත පිල නියෝජනය කරන කුමාර් සංගක්කාර, මෙවර තරගාවලියේදී ලද දෙවැනි ශතකය (111) ඊයේ (21 වැනිදා) නොදැම්ප්ටන්ශයර් ප‍්‍රාන්ත පිලට එරෙහිව වාර්තා කිරීමට සමත් විය. එම ශතකයට හතරේ පහර 11 ක් ඇතුළත් විය.

නොදැම්ප්ටන්හිදී පැවැති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූවද, සංගක්කාරගේ සහ ජේසන් රෝයිගේ ශතක දෙක නිසා නොදැම්ප්ටන්ශයර් ප‍්‍රාන්ත පිලට (ලකුණු 10) වඩා ප‍්‍රසාද ලකුණු 3 ක් හිමිකර ගැනීමට සරේ ප‍්‍රාන්ත පිලට (ලකුණු 13) හැකිවිය.

මෙම තරගයේදී සිය ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව (140) රැස්කිරීමට ජේසන් රෝයි සමත් වූ අතර පන්දු 145 කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 17 ක් අන්තර්ගත විය.

සංගක්කාර සහ රෝයි එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 170 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සරේ ප‍්‍රාන්ත පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගයේ පළමු දින දෙක අත්හැර දැමීමට සිදුවූ අතර තරගය නරත කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි සරේ ප‍්‍රාන්ත පිල කඩුලූ 6 ක් දැවී ලකුණු 499 ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනූ සරේ ප‍්‍රාන්ත පිලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් නොදැම්ප්ටන්ශයර් ප‍්‍රාන්ත පිල, සියලූ දෙනා දැවී ලකුණු 309 ක් ලබාගත් අතර එහිදී ස්ටීවන් පීටර්ස් (82), රොබ් නිව්ටන් (95), ඇඩම් රොසිංග්ටන් (58) නොදැම්ප්ටන්ශයර් ප‍්‍රාන්ත පිල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.

”සංගක්කාර කියන්නේ ශ්‍රේෂ්ඨ මිනිසෙක් වගේම ශ්‍රේෂ්ඨ ක‍්‍රිකට් කී‍්‍රඩකයෙක්. ඔහු සමග පන්දුවට පහරදීම මට හුගක් විනෝදජනක දෙයක් වුණා. දීර්ඝ ඉනිමක් ගොඩනගන ආකාරය ඔහු මට පියවරෙන් පියවර කියා දුන්නා. මම ඔහුගෙන් හුගක් දෙවල් ඉගෙන ගත්තා. ඒ නිසා මම කඩුල්ල ආරක්ෂා කරගෙන දිගින් දිගටම ඔහු සමග පන්දුවට පහරදුන්නා.” යැයි ජේසන් රෝයි තරගයෙන් අනතුරුව කියා සිටියේය.

නොදැම්ප්ටන්ශයර් ප‍්‍රාන්ත පිල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 309

(ස්ටීවන් පීටර්ස් 82, රොබ් නිව්ටන් 95, රොබ් කියෝග් 29, ඇඩම් රොසිංග්ටන් 58, ටොම් කරන් 89/4, සෆාර් අන්සාරි 50/3)

සරේ ප‍්‍රාන්ත පිල පළමු ඉනිම - කඩුලූ 6 ක් දැවී 499

(රෝයි බර්න්ස් 34, සෆාර් අන්සාරි 39, කුමාර් සංගක්කාර 111, ස්ටීවන් ඬේවිස් 44, ජේසන් රෝයි 140, ගැරී විල්සන් නොදැවී 74, අසරුල්ලා 75/2, ස්ටීවන් කෘක් 77/2)

-036

 


අදහස් (0)

සංගා සරේ පිල නැවතත් ඔසවා තබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.