ටෙස්ට් පිටියෙන් සමුගැනීමට කුමාර් සංගක්කාර තීරණය කර ඇති බැවින් ඔහුගේ සමුගැනීමේ සාදය ඉතා ඉහළින් සංවිධානය කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය මෙන්ම ගාල්ල කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ කළමණාකරු ප‍්‍රමුඛ කාර්ය මණ්ඩලයද සූදානම් වෙයි.
අගෝස්තු මස දෙවැනි සතියේදී ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ටෙස්ට් පිටියෙන් සමුගැනීමට සංගක්කාර තීරණය කර තිබේ. මෙම තරගය අගෝස්තු මස 18 වැනිදා සිට 22 වැනිදා දක්වා ගාල්ල කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
”මේ අවස්ථාව සංගක්කාරට අමතක නොවන සමුගැනීමක් කරන්නයි අපේ සූදානම” යයි කි‍්‍රකට් අතුරු කමිටුවේ සාමාජිකයකු වන කුෂිල් ගුණසේකර මහතා සෙනසුරාදා රාති‍්‍රයේ ලංකාදීපට පැවසීය.
කි‍්‍රකට් කී‍්‍රඩකයන් සමුගැනීමේදී ගාල්ලේ කි‍්‍රකට් ලෝලීන්ගෙන් ඔවුනට ලැබෙන්නේ කවදත් අමතක නොවන ප‍්‍රතිචාරයකි. වසර 2010 මුත්තයියා මුරලිදරන් සමුගත් අවස්ථාවේදීත් පසුගිය වසරේදී මහේල ජයවර්ධන සමුගත් අවස්ථාවේදීත් ගාල්ලේ පේ‍්‍රක්ෂකයෝ ඉතා සංවේදී ආකාරයෙන් ඔවුනට සමුදුන්හ.
මහේලගේ සමුගැනීමේ තරගය පැවැතියේ කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී වූ නමුත් ගාල්ලේදී ඔහු කී‍්‍රඩා කළ අවසන් ටෙස්ට් තරගයේදී මහේල පවා බලාපොරොත්තු නොවූ ආකාරයේ සමුගැනීමේ සාදයක් සංවිධානය කිරීමට ගාල්ල කී‍්‍රඩාංගණයේ කළමණාකරු ජයනන්ද වර්ණවීර මහතා කටයුතු යොදා තිබිණ.
”මුරලිදරන්ගේ සමුගැනීමේ සාදය සංවිධානය කරද්දීත් අපට යම් යම් දේ මගහැරුණා. මේ වතාවේ ඒ සියල්ලත් එකතු කරගෙන සංගක්කාර පුදුම කරවන අකාරයේ සමුගැනීමේ සංදර්ශනයක් පැවැත්වීම අපේ අදහසයි” යයි ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමේදී ජයනන්ද වර්ණවීර මහතා කියා සිටියේය.
”කුමාර් සංගක්කාර කියන්නේ හුදෙක් කි‍්‍රකට් කී‍්‍රඩකයෙක් විතරක් නෙමේ. අපේ රටේ හොඳ නම ලෝකයට අරගෙන ගිය විශිෂ්ට ගණයේ තානාපතිවරයෙක්. ඒ වගේ කෙනෙක් වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ කරන්න ඕනෑ”
”අනෙක් අතට හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයන් වශයෙන් දැනට ඉන්න කි‍්‍රකට් කී‍්‍රඩකයකුට දෙන්න තියෙන ඉහළම ගෞරවය සංගක්කාරට දෙන්න තමයි අපි සූදානම් වෙන්නේ. මොකද සංගක්කාර කියන්නේ තවත් දශක ගණනාවක් ගියත් මේ රටේ මිනිසුන් කතාකරන චරිතයක්” යයිද වර්ණවීර මහතා පැවසීය.
ටෙස්ට් තරග 130 කට සහභාගි වී සිටින මෙම අලංකාර වමත් පිතිකරුවා ඒවායේදී ශතක 38 ක් සහ අර්ධ ශතක 51 ක් ලබා සිටී. යම් හෙයකින් වසර 3 කට ඉහත ගාල්ල කී‍්‍රඩාංගණයේදීම පැවැති ටෙස්ට් තරගයේදී (පාකිස්තානු පිලට එරෙහිව නොදැවී 199) තවත් ලකුණක් ලබාගත හැකිවූයේ නම් සංගක්කාර මේ වන විටත් ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන්ගේ වාර්තාව සමකර සිටින්නට ඉඩ තිබිණ.
කෙසේ වෙතත් ටෙස්ට් පිටියෙන් සමුගැනීමට පෙර තවත් ටෙස්ට් තරග 4 ක් ඉතිරිව තිබෙන හෙයින් (පාකිස්තානු පිලට එරෙහිව ටෙස්ට් තරග 3 ක් සහ සමුගැනීමේ තරගයත් සමගින්) ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන්ගේ වාර්තාව සමකිරීමේ අවස්ථාව සංගක්කාරට ලැබෙනු ඇතැයි කි‍්‍රකට් ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනාගේ අපේක්‍ෂාවයි.
ලෝකයේ සෑම ටෙස්ට් කණ්ඩායමකටම එරෙහිව ටෙස්ට් ශතක ලබා සිටින සංගක්කාර පාකිස්තානු පිලට එරෙහිව ලබා ඇති ටෙස්ට් ශතක සංඛ්‍යාව 10 කි. ඔහුගේ හොඳම ටෙස්ට් ඉනිම වන්නේ පසුගිය වසරේදී බංග්ලාදේශ පිලට එරෙහිව චිතගොන් නුවරදී ලබාගත් ලකුණු 319 යි.
ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායකකුද වන සංගක්කාර ටෙස්ට් තරග 15 කදී ශී‍්‍ර ලංකා පිල මෙහෙයවා ඇති අතර එම තරග වලදී ලබාගත් ලකුණු 69.60 ක සාමාන්‍යයක් පවත්වාගෙන යමින් ලකුණු 1601 ක් රැස්කර තිබේ. ශී‍්‍ර ලංකා පිලේ නායකත්වයට පත් වසර 2009 සිට 2001 දක්වා වසර දෙකක කාලයේදී ඔහු ලබාගත් ටෙස්ට් ශතක සංඛ්‍යාව 7 කි.
කුමාර් සංගක්කාර යනු කි‍්‍රකට් ලෝලීන් අතරේ පමණක් නොව, ලෝ පුරා වෙසෙන විද්වතුන් අතරේත් විශිෂ්ට නමක් දිනාගත් කී‍්‍රඩකයකු වන බැවින් සංගක්කාරගේ සමුගැනීමේ තරගය නැරඹීමටත් එහි කොටස්කරුවන් වීමටත් ලෝකයේ සිවු දෙසින් සම්භාවනීය පුද්ගලයක් රැසක්ම පැමිණෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. මෙම අවස්ථාව ගාල්ල නගරය නැවත වතාවක් ලෝකයාගේ අවධානයට ලක්වන උත්කෘෂ්ඨ අවස්ථාවක් වීම නොඅනුමානය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.