Last Update  :  2026-01-11 22:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සංගා කඳුරට පිල සමග

සංගා කඳුරට පිල සමග

ශනුක අරවින්ද - 2013 අගෝ මස 29 {{hitsCtrl.values.hits}} Views 9 Comment
A A A

සැප්තැම්බර් මස දෙවැනි සතියේදී ඉන්දියාවේදී ආරම්භවන ශූරයන්ගේ වි:20 ලීග් තරගාවලියේදී තමන් කඳුරට මෙරුන්ස් පිල නියෝජනය කරන බව කුමාර් සංගක්කාර විසින් ශූරයන්ගේ වි:20 ලීග් තරගාවලියේ සංවිධායකයන්ට අද (29 වැනිදා) දැනුම් දෙනු ලැබ ඇත.

අයි. පී. එල්. තරගාවලියේදී කුමාර් සංගක්කාර නායකත්වය දැරූ සන්රයිසස් හයිද්‍රාබාද් පිලත්, පසුගියදා ශ්‍රී ලංතාවේ පැවති සුපිරි වි:20 තරගාවලියේදී සංගක්කාර නියෝජනය කළ කඳුරට මෙරුන්ස් පිලත් මෙවර ශූරයන්ගේ වි:20 ලීග් තරගාවලිය සඳහා කී‍්‍රඩා කරති.

මෙහිදී සංගක්කාර විසින් සන්රයිසස් හයිද්‍රාබාද් පිල හෝ කඳුරට මෙරුන්ස් පිල තෝරාගත යුතුව තිබිණ.

එහෙත් කන්ද උඩරට කි‍්‍රකට් කී‍්‍රඩාව කෙරෙහිත්, විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩකයන් කෙරෙහිත් පවතින අචල බැඳීම නිසා ශූරයන්ගේ වි:20 ලීග් තරගාවලියේදී කඳුරට මෙරුන්ස් පිල නියෝජනය කිරීමට තමන් තීරණය කළ බව සංගක්කාර පවසා ඇතැයි වාර්තාවේ.
 


අදහස් (9)

සංගා කඳුරට පිල සමග

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.