ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ තමන් අතර පසුගිය දින කීපයේ ඇතිවූ ගැටුම්කාරි තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටුව සමග සාර්ථක සාකච්ඡවක් පැවැත්වූ බවත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සහාපති ජයන්ත ධර්මදාස මහතා මැදිහත් වී ගැටුම නිරාකරණය කළ බවත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර පැවසීය.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මූලස්ථානයේදී අද (2 වැනිදා) පස්වරුවේ කි‍්‍රකට් ආයතන නිලධාරීන් හමුවී පැමිණීමෙන් පසුව සංගක්කාර මේ බව පවසා සිටියේය.
ශූරයන්ගේ ලීග් විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේදී කුමාර් සංගක්කාර කඳුරට මෙරූන්ස් පිල නියෝජනය කරනවාද, නැතහොත් සන්රයිසස් හයිද්‍රාබාද් පිල නියෝජනය කරනවාද, යන ප‍්‍රශ්නය හමුවේ පසුගිය දින කීපයේදී මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කෙරුණු යම්යම් දේ පිළිබදව කරුණු දැක්වීමට කුමාර් සංගක්කාර අද (02) පස්වරුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුවට කැඳවා තිබුණි.
ක‍්‍රිකට් විධායක කමිටුව හමුවේ කරුණු දැක්වීමෙන් පසුව සංගක්කාර මෙසේ ද පැවසීය.
”මම විධායක කමිටුව හමුවුණා. ඔවුන් සමග සාකච්ඡුා කළා. ඉතාම හොඳ සාකච්ඡවක්”
”අපේ තිබුණු යම්යම් ප‍්‍රශ්න නිරවුල් කර ගන්න තිබුණු සාකච්ඡවක්. ජයන්ත ධර්මදාස මහතා මුල්වෙලා ඒ තිබුණු දේවල් විසඳන්න ප‍්‍රයත්නයක් දරලා සෑහෙන්න දේවල් කථා කළා” යයිද සංගක්කාර පැවසීය.
මාධ්‍යයට කථා කිරීම පිළිබඳ ප‍්‍රශ්නයක් මෙම කැඳවීමට හේතු වුණේද යන ප‍්‍රශ්නයට පිළිතුරු දුන් සංගක්කාර පැවසුවේ එයත් එක හේතුවක් වූ බවයි.
”අපි ඒ ගැන කථා කළා. ඔවුන් සියලූ දෙනාම අදහස් දැක්වුවා”
”දින කීපයක් තුළ තිබුණු ප‍්‍රශ්න සාකාච්ඡ කර විසඳුමකට එන්න උත්සහ කළා. ඉතාමත් හොඳ සාකච්ඡවක්. දැන් සියලූ දෙනාම බලාගෙන ඉන්නේ ‘චැම්පියන් ලීග්’ තරගාවලිය පිළිබඳවයි” යයිද හෙතෙම පැවසීය.
කඳුරට පිල නියෝජනය කළ හොත් එහිදී ඔබට වන මූල්‍ය පාඩුව පිළිබඳව ක‍්‍රිකට් ආයතනය අවධානය යොමු කරන්නේද යන්න ගැන කළ විමසීමකදී සංගක්කාර පවසා සිටියේ ඒ පිළිබඳව කිසිම දෙයක් කථා නොකළ බවයි.
”කඳුරට පිල නියෝජනය කිරිම පිළිබඳව කිසිම කණගාටුවක් නෑ. මම ක‍්‍රීඩකයකු හැටියට මීට පෙරත් කඳුරට පිල නියෝජනය කළා. මට ඒ පිළිබඳ ප‍්‍රශ්නයක් නෑ” යයිද සංගක්කාර පැවසීය.
චැම්පියන්ස් ලීග් තරගාවලියේදී තමන් විසින් තෝරාගන්නා ලද කණ්ඩායම පිළිබඳ ප‍්‍රශ්නයේදී ක‍්‍රිකට් ආයතනයේ ඇතැමුන් එය ව්‍යාකූල කර ඇති බවටත්, එයින් තමන්ට වන පාඩුව පිළිබඳවත් සංගක්කාර මාධ්‍යයට අදහස් දක්වා තිබිණ. එම අදහස් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් ආයතනය නොසතුටට පත්ව සිටියේය.
ක‍්‍රිකට් මූලස්ථානයේදී ඊයේ පස්වරුවේ පැවැති විධායක කමිටුවට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස සහ ලේකම් නිශාන්ත රණතුංග යන මහත්වරු ඇතුළු විධායක කමිටු සාමාජිකයෝ රැසක් සහභාගි වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.