Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සංගක්කාරලාගේ ජැමෙයිකා පිල සී. පී. එල්. ශූරතාව දිනයි

සංගක්කාරලාගේ ජැමෙයිකා පිල සී. පී. එල්. ශූරතාව දිනයි

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් දුපත්හිදී පැවැති 2013 කැරිබියන් ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ (සී. පී. එල්.) ශූරතාව දිනාගැනීමට ජැමෙයිකා තලවාස් පිල ඊයේ (24 වැනිදා) සමත්විය. ටි‍්‍රනිඩෑඞ් නුවර ක්වීන්ස් පාර්ක්  ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවති අවසන් මහ තරගයේදී ගයනා ඇමසන් වොරියර්ස් පිල පරදවා කඩුලූ 7 ක ජයක් ලබාගනිමින් ජැමෙයිකා තලවාස් පිල මෙම ශූරතාව දිනාගත්තේය.

අවසන් තරගයේදී ලකුණු 129 ක ඉලක්කයක් හඹාගිය ජැමෙයිකා තලවාස් පිල  ඕවර 17.3 කදී කඩුලූ 3 ක් පමණක් දැවී එම ඉලක්කය සම්පූර්ණ කළ අතර ජැමෙයිකා පිලේ වැඩිම ලකුණු ලභියාවූ කි‍්‍රස් ගේල් පන්දු 48 කදී නොදැවී ලකුණු 47 ක් රැස්කරමින් තරගයේ වීරයා සම්මානයද හිමිකරගත්තේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත්විය.

ගේල්ට අගනා සහයක් දුන් ඔන්ඩි‍්‍ර රසල් වේගවත් ඉනිමක් කී‍්‍රඩා කරමින් පන්දු 18 කින් ලකුණු 33 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 5 ක්ද සමගිනි.

අවසන් පූර්ව තරගයේදී අර්ධ ශතකයක් ලබාගනිමින් ජැමෙයිකා තලවාස් පිලේ ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්වූ කුමාර් සංගක්කාරට මෙම තරගයේදී ලබාගත හැකිවූයේ ලකුණු 13 ක් පමණි.

ගයනා පිල වෙනුවෙන් ලසිත් මාලිංග ලකුණු 28 කට කඩුල්ලක් දවාගනිද්දී, තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 32 කට කඩුල්ලක් දවාගත්තේය.

ජැමෙයිකා තලවාස් පිල ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ගයනා ඇමසන් වොරියර්ස් පිලට  ඕවර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 128 ක් පමණි. පළමු අවසන් පූර්ව තරයේ තරගයේ වීරයා බවට පත්වූ තිලකරත්න ඩිල්ෂාන් මෙම තරගයේදී ලකුණු නොලබා දැවීගියේය.


ගයනා ඇමසන් වොරියර්ස්  -  ඕවර 20 කදී කඩුලූ 5 කට 128
(ලෙන්ඞ්ල් සිමන්ස් 40, විලියම් පර්කින්ස් 14, දිනේෂ් රැම්ඩින් 29, ජේම්ස් ෆ‍්‍රැන්ක්ලින් නොදැවී 17, ඬේවිඞ් බර්නාඞ් 18/2)

ජැමෙයිකා තලවාස්  -  ඕවර 17.3 කදී කඩුලූ 3 කට 129
(චැඞ්වික් වෝල්ටන් 13, කි‍්‍රස් ගේල් නොදැවී 47, කුමාර් සංගක්කාර 13, ඔන්ඩි‍්‍ර රසල් නොදැවී 33)

ඡයාරූපය: සී.  පී. එල්. නිල වෙබ් අඩවිය අනුග‍්‍රහයෙනි

 

- 036


අදහස් (0)

සංගක්කාරලාගේ ජැමෙයිකා පිල සී. පී. එල්. ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.