Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සංගක්කාර සරේ පිලට එක්වෙයි

සංගක්කාර සරේ පිලට එක්වෙයි

ශනුක අරවින්ද - 2015 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකාවෙන් මෙතෙක් බිහිවූ සාර්ථකම ටෙස්ට් පිතිකරුවා වන කුමාර් සංගක්කාර මේ වසරේ ගිම්හානයේදී එංගලන්තයේ සරේ ප‍්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් කී‍්‍රඩා කිරීම සඳහා ගිවිසුම් අත්සන් කර තිබේ. 

ලෝක කුසලාන තරගාවලිය අවසන් වීමෙන් පසුව එක්දින අන්තර්ජාතික තරග වලින් විශ‍්‍රාම ගැනීමට සූදානමින් සිටින සංගක්කාර තවත් මාස කිහිපයක් ටෙස්ට් තරග සඳහා කී‍්‍රඩා කිරීමට එක`ගත්වය පළ කර තිබේ. එබැවින් ලෝක කුසලාන තරගාවලියෙන් පසුව පළමු පෙළ තරග සඳහා වැඩි අවධානයක් යොමු කිරීම සංගක්කාරගේ අපේක්‍ෂාවයි. 

නිමාවූ 2014 වසරේදී සාර්ථකම ටෙස්ට් පිතිකරුවා වූ සංගක්කාර මේ දක්වා ටෙස්ට් ලකුණු 12,203 ක් ලබාසිටින අතර පසුගිය වසරේදී පමණක් ටෙස්ට් ලකුණු 1436 ක් රැස්කළේය. ඔහු මේ වන විට අන්තර්ජාතික ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සිිටින කී‍්‍රඩකයාද වෙයි. 

සංගක්කාර මීට පෙර එංගලන්ත ප‍්‍රාන්ත තරගාවලියේදී වොවික්ෂයර් ප‍්‍රාන්ත පිල වෙනුවෙන් සහ ඩරම් ප‍්‍රාන්ත පිල වෙනුවෙන් කී‍්‍රඩා කර තිබේ. 

”අප සමග එක්වන්නට කුමාර් සංගක්කාර එකග වීම මහත් සතුටට කාරණයක්. දැනට ලෝකයේ සිටින අංක එකේ ටෙස්ට් පිතිකරුවා ඔහුයි. ඒත් අපට වැදගත් වන්නේ අංක 1 ටෙස්ට් පිතිකරුවාට වඩා ඔහු තුළ සිටින සුවිශේෂී චරිතයයි” යයි සරේ ප‍්‍රාන්ත කි‍්‍රකට් සමාජයේ අධ්‍යක්‍ෂකවරයා මෙන්ම එංගලන්ත ටෙස්ට් පිලේ හිටපු නායක ඇලෙක් ස්ටුවර්ට් මහතා ‘ඬේලි මේල්’ පුවත් පතට පවසා තිබිණ. 

”ඔහු තරු පහේ (ඉහළම ශ්‍රේණියේ) කී‍්‍රඩකයෙක් විතරක් නෙමේ තරු පහේ පුද්ගලයෙක්. ඒක තමයි වැදගත් වෙන්නේ. මොකද ඔහු කී‍්‍රඩා කරන්න යන්නේ අපේ තරුණ කී‍්‍රඩකයන් එක්ක වීම නිසා. කවදාහරි දවසක මේ තරුණ කී‍්‍රඩකයන් තමයි කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් ඉදිරියට එන්නේ”

”අපේ පුහුණුකරුවා වන ග‍්‍රැහැම් ෆෝඞ් මහතා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා වහයෙන් කටයුතු කරද්දී  ඔහු (සංගක්කාර) ෆෝඞ් මහතා සමග ඉතා හොඳින් කටයුතු කර තිබෙනවා. ඒ නිසා අපි දෙගොල්ලන්ම මේ ගිවිසුම සම්බන්ධයෙන් ඉතාමත් සතුටු වෙනවා” යයිද ඇලෙක් ස්ටුවර්ට් මහතා ‘ඬේලි මේල්’ පුවත් පතට පවසා තිබිණ. 

සංගක්කාර එංගලන්ත ප‍්‍රාන්ත කි‍්‍රකට් තරගාවලියේදී සහභාගි වූ අවසන් තරගයේදී ඩරම් පිල වෙනුවෙන් ලකුණු 159 ක් ලබාගත්තේය. 


අදහස් (0)

සංගක්කාර සරේ පිලට එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.