Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සංගක්කාර ගොල්ෆ් පිටියට පිවිසෙයිද ?

සංගක්කාර ගොල්ෆ් පිටියට පිවිසෙයිද ?

සංජය එරමුදුගොඩ - 2015 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අන්තර්ජාතික කි‍්‍රකට් පිටියෙන් සමුගත් කුමාර් සංගක්කාර ගොල්ෆ් කී‍්‍රඩාව වෙත යොමු කිරිම තමන්ගේ අභිප‍්‍රාය බව කුමාර් සංගක්කාරගේ පියා වන ක්ෂේම සංගක්කාර මහතා හෙළිදරව් කරයි. කුමාර් සංගක්කාර ටෙස්ට් පිටියෙන් සමුගැනීම සම්බන්ධයෙන් ‘ඉන්දියන් එක්ස්ප‍්‍රස්’ පුවත්පතට පමණක් සීමාවූ විශේෂ ලිපියක් ලියමින් කෂේම සංගක්කාර මහතා මේ බව හෙළිදරව් කර තිබේ.

කුමාර් සංගක්කාර කුඩා කාලයේ සිටම ඔහුගේ පියාණන් වන ක්ෂේම සංගකක්කාර මහතා (ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකි) සිය පුතණුවන්ගේ ජීවිතය හැඩගැස්වීමේලා අති විශාල කාර්යභාරයක් කළ තැනැත්තෙකු වශයෙන් ප‍්‍රකටය.

”ඔහුට නව අභියෝගයක් මා සූදානම් කරලා තියෙනවා. ඔහු ඒ අභියෝගය බාරගනීවි කියලා මා හිතනවා”

”ඔහු බැරෑරුම් ලෙසින් ගොල්ෆ් කී‍්‍රඩාවට අත තියයි කියලා මා බලාපොරොත්තු වෙනවා. ඔහුගේ හැකියාවන් සහ හුරුවූ දෑත් ඔහුව ඒ ක්ෂේත‍්‍රයේ ගොඩාක් කල් රඳවාගෙන සිටීවි” යයි ක්ෂේම සංගක්කාර මහතා ‘ඉන්දියන් එක්ස්ප‍්‍රස් පුවත් පතට ලියා තිබිණ.

”ඔහු මේ වන විටත් දශක දෙකකට ආසන්න කාලයක් වෘත්තීය කී‍්‍රඩකයෙක් වෙලා හිටියා. ඒ තරගකාරී අරමුණු හා හැගීම් ලේසියෙන් මැකී යන්නේ නෑ...ගොල්ෆ් කී‍්‍රඩාව ඔහුට ඒ අවස්ථාව සපයා දෙනවා විතරක් නොවේ ඔහුට තවත් වසර 30 ක් විතර ඒ කී‍්‍රඩාවේ රැඳී සිටින්නත් පුළුවන්”

”එහිදී (ගොල්ෆ් කී‍්‍රඩාවේදී) වයස කුමක්ද කියන එක ප‍්‍රශ්නයක් නෙමේ” යයිද ක්ෂේම සංගක්කාර මහතා ‘ඉන්දියන් එක්ස්ප‍්‍රස්’ පුවත්පතට ලියු ලිපියේ සටහන් වී තිබිණ.


අදහස් (0)

සංගක්කාර ගොල්ෆ් පිටියට පිවිසෙයිද ?

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.