නවසීලන්තයේදී මේ මස 14 වැනිදා ආරම්භ වන 11 වැනිදා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල ලිනිකොන්හිදී අද (11) සහභාගි වූ දෙවැනි සහ අවසන් පුහුණු තරගයේදී සිම්බාබ්වේ පිල හමුවේ කඩුලූ 7 කින් පරාජයට පත්විය.
සිම්බාබ්වේ පිල ලකුණු 280 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 45.2 කදී කඩුලූ 3 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීම කැපී පෙනුණි.
සිම්බාබ්වේ පිල වෙනුවෙන් හැමිල්ටන් මැසකඞ්ෂා පන්දු 119 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 117 ක් රැස්කරමින් ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්විය.
හැමිල්ටන් මැසකඞ්ෂා සහ සීන් විලියම්ස් සිව්වැනි කඩුල්ලට ලකුණු 119 ක නොබිදුණු සම්බන්ධතාවක් පවත්වූද එම සම්බන්ධතාව බිද දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අසමත් වූහ.
හැමිල්ටන් මැසකඞ්ෂා සහ බ්‍රෙන්ඩන් ටේලර් තෙවැනි කඩුල්ලට ලකුණු 127 ක සම්බන්ධතාවක් පැවැත්වු අතර නම් දැරූ පන්දු යවන්නන්ගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා පිලට එම සම්බන්ධතාව දැඩි පීඩනයක් බවට පත්විය.
ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ජයග‍්‍රහණය පසෙක තබා සිය පන්දු යවන්නන්ට පුහුණුවක් ලබා දීමට මෙහිදී උත්සහගත් ආකාරයක් දැකගත හැකි විය.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් දිමුත් කරුණාරත්න (58) සහ ජීවන් මෙන්ඩිස් (51) අර්ධ ශතක රැස්කිරීමට සමත් වූහ.
නායක ඇන්ජලෝ මැතිව්ස් සහ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් පන්දුවට පහර දුන්නේ නැත.
මෙහිදී පිතිකරු ලැයිස්තුවේ වෙනස්කම් රැසක් කළ අතර කුමාර් සංගක්කාර ආරම්භක පිතිකරු ලෙස ද, මහේල ජයවර්ධන අංක තුන පිතිකරු ලෙස ද, කටයුතු කළහ.
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය 14 වැනිදා නවසීලන්තයට එරෙහිව පැවැත්වේ.
ලකුණු පුවරුව
ශ‍්‍රී ලංකාව
ළහිරු තිරිමාන්න - දුවද්දී දැවී ගියා 30
කුමාර් සංගක්කාර - ඇ. සීන් විලියම්ස් ප. ටිනාෂි පයන්ගරා 8
මහේල ජයවර්ධන - ඇ. ග්‍රෙග් අර්වින් ප. තවන්දා මුපරිවා 30
දිමුත් කරුණාරත්න - ඇ. රෙගිස් චකබ්වා ප. සොලමන් මිරි 58
දිනේෂ් චන්දිමාල් - ඇ. තවන්දා මුපරිවා ප්‍රෙස්පේ උට්සෙයා 29
ජීවන් මෙන්ඩිස් - ඇ. බ්‍රෙන්ඩන් ටේලර් ප. සීන් විලියම්ස් 51
තිසර පෙරේරා - ඇ. සහ ප. සීන් විලියම්ස් 17
නුවන් කුලසේකර - ස්ටම්ප් බ්‍රෙන්ඩන් ටේලර් ප. සීන් විලියම්ස් 9
සචිත‍්‍ර සේනානායක - නොදැවී 25
රංගන හේරත් - නොදැවී 4
අතිරේක 18
එකතුව ඕවර 50 යේදී කඩුලූ 8 ක් දැවී 279
කඩුලූ වැටීම:
1-12(කුමාර් සංගක්කාර), 2-74(ළහිරු තිරිමාන්න), 3-85(මහේල ජයවර්ධන), 4-149(දිනේෂ් චන්දිමාල්), 5-187(දිමුත් කරුණාරත්න), 6-229(තිසර පෙරේරා), 7-249(නුවන් කුලසේකර), 8-260(ජීවන් මෙන්ඩිස්)
පන්දු යැවීම:
ටිනාෂි පයන්ගරා: 5-0-37-1, චෙන්ඩායි චටාරා: 9-0-57-0, සීන් විලියම්ස්: 10-1-35-3, තවන්දා මුපරිවා: 6-0-25-1, ටෆඞ්වෂ්වා කමුන්ගොෂි: 5-0-24-0, ප්‍රෙස්පේ උට්සෙයා: 5-0-34-1, සීකාදර් රාෂා: 5-0-26-0, සොලමන් මිරි: 4-0-29-1, එල්ටන් චිකුම්බුරා: 1-0-8-0
සිම්බාබ්වේ
චමූ චිබාබා - ඇ. දිමුත් කරුණාරත්න ප. සුරංග ලක්මාල් 22
සීකාදර් රාෂා - ඇ. තිසර පෙරේරා ප. නුවන් කුලසේකර 7
හැමිල්ටන් මැසකඞ්ෂා - නොදැවී 117
බ්‍රෙන්ඩන් ටේලර් - ඇ. ජීවන් මෙන්ඩිස් ප. තිලකරත්න ඩිල්ෂාන් 63
සීන් විලියම්ස් - නොදැවී 51
අතිරේක 21
එකතුව ඕවර 45.2 කදී කඩුලූ 3 ක් දැවී 281
කඩුලූ වැටීම:
1-30(සීකාදර් රාෂා), 2-35(චමූ චිබාබා), 3-162(බ්‍රෙන්ඩන් ටේලර්)
පන්දු යැවීම:
ලසිත් මාලිංග: 7-0-46-0, නුවන් කුලසේකර: 5-0-23-1, සුරංග ලක්මාල්: 7-0-56-1, ඇන්ජලෝ මැතිව්ස්: 5-1-33-0, තිසර පෙරේරා: 2.2-0-13-0, සචිත‍්‍ර සේනානායක: 5-0-34-0, ජීවන් මෙන්ඩිස්: 3-0-20-0, තිලකරත්න ඩිල්ෂාන්: 5-0-27-1, රංගන හේරත්: 6-0-27-0
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.