Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිකට් ක්‍රීඩාවේ සදාතනික පුරාවෘත්තයක් නිර්මාණය කළ, ඕස්ට්‍රේලියානු පිලේ හිටපු පා දඟ පන්දු යවන්නා වන ෂේන් වෝන් අනුස්මරණය කිරීමේ විශේෂ උත්සවයක් ඊයේ (29 වැනිදා) ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. එහිදී ෂේන් වෝන් වෙනුවෙන් සකස් කරන ලද විශේෂ සමරු ඵලකයක්, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා විසින්, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී නික් හොක්ලි මහතා වෙත පිරිනමන ලදි.
“ෂේන් වෝන්, ඔබ ක්‍රිකට් ක්‍රීඩාවේ අද්වීතීය ක්‍රීඩකයකු ලෙසින්ද, මනුෂ්‍යත්වයේ උත්තම පුරුෂයකු ලෙසින්ද ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් තුළ සදා ජීවමාන වනු ඇත” යන්න එම විශේෂ ඵලකයේ සටහන් වී තිබිණ.
2004 සුනාමියෙන් ශ්‍රී ලංකාවටත්, විශේෂයෙන්ම ගාල්ල ක්‍රීඩාංගණයටත් සිදුවූ හානිය විමසා බැලීම සඳහා ෂේන් වෝන් 2005 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණියේය. එදා වෝන්ගේ ශ්‍රී ලංකා සංචාරය ආවරණය කළ ඕස්ට්‍රේලියානු රූපවාහිනී සමාගමකට අයත් “විනාඩි 60” වැඩසටහන හේතුවෙන් ශ්‍රී ලංකාවට බොහෝ ආධාර ලැබිණ. ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනල්ඩ් මහතා කීවේ 2004 සුනාමියට මුහුණ දුන් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත ෂේන් වෝන් නිසා වඩාත් හොඳ තත්ත්වයේ ඇති බවයි.
1996 ලෝක කුසලාන ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා, රොමේෂ් කළුවිතාරණ, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ උපුල් චන්දන යන මහත්වරුද ෂේන් වෝන් අනුස්මරණ අවස්ථාවට සහභාගි වීම සඳහා පැමිණ සිටියහ.
ඡායාරූප - හිමත් මතීෂ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.