Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ෂෙවොන් - ජෝර්ඩ්න් දඹුල්ල දිනවති
එල්.පී.එල්. - 2022

ෂෙවොන් - ජෝර්ඩ්න් දඹුල්ල දිනවති

editorial - 2022 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය)

එල්.පී.එල්. තරගයකදී අර්ධ ශතකයක් ලබාගත් ළාබාලතම ක්‍රීඩකයා වශයෙන් ෂෙවොන් ඩැනියෙල් වාර්තා පොතට එක්වෙද්දී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තරගයෙන් දඹුල්ල අවුරා ක්‍රීඩකයෝ ලකුණු 48  ක පහසු ජයක් ලබාගත්හ. දඹුල්ල අවුරා ක්‍රීඩකයන් මෙම තරගාවලියේදී ලබාගත් පළමු වැනි ජයග්‍රහණය මෙය වන අතර ෂෙවොන් ඩැනියෙල් සහ ජෝර්ඩ්න් කොක්ස් දෙදෙනා අතර පැවැති විශිෂ්ට සම්බන්ධතාව නිසා දඹුල්ල ක්‍රීඩකයෝ ජයගත්හ.

ලකුණු 179 ක ඉලක්කයක් කරා ගිය ගාල්ල පිතිකරුවන් කිසිවකුට ලකුණු 28 න් ඔබ්බට යා නොහැකි විය. අවසානයේදී ඔව්හු ලකුණු 130 කට දැවී ගියහ.

කාසියේ වාසිය දිනාගත් දඹුල්ල ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින්, ලකුණු 178 ක් ලබාගත්හ. එල්.පී.එල්. තරගාවලියේ අවසන් අදියර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ගෙනෙමින් ආරම්භ වූ මෙම තරගයේදී දඹුල්ල ආරම්භක පිතිකරුවෝ දෙදෙනාම අර්ධ ශතක ලබාගත්හ.

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම නියෝජනය කරන ෂෙවොන් ඩැනියෙල්, එල්.පී.එල්. තරගාවලියේ මංගල ශතකය ලබාගන්නා විට වයස අවුරුදු 18 යි දින 277 කි.

ගාල්ල පන්දු යවන්නන් තඹයකට මායිම් නොකළ ෂෙවොන් ඩැනියෙල් (80) සහ ජෝර්ඩ්න් කොක්ස් (77) එක්ව 18 වැනි ඕවරය දක්වාම පන්දුවට පහර දෙමින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 163 ක් එක් කළහ. ඩැනියෙල් දැවීයාමෙන් පසුව පන්දු 7 ක් ඇතුළත කඩුලු 4 ක් බිඳ වැටුණු නමුත් දඹුල්ල ක්‍රීඩකයෝ ඒ වන විටත් තමන්ට අවශ්‍ය ඉසව්වට පිවිස සිටියහ.

ඩැනියෙල්ගේ පන්දු 55 ඉනිමේදී වාර්තාවූ ලකුණු 80 න් 50 ක් ම හයේ සහ හතරේ පහර වලිනි. හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය. පන්දු 58 කින් ලකුණු 77 ක් ලබාගත් ජෝර්ඩ්න් කොක්ස් හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සිය ඉනිමට ඇතුළත් කළේය.


දඹුල්ල අවුරා - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 178 යි
(ෂෙවොන් ඩැනියෙල් 80, ජෝර්ඩ්න් කොක්ස් 77, දසුන් ශානක 12, නුවන් ප්‍රදීප් 37/3)

ගාල්ල ග්ලැඩියේටර්ස් - ඕවර 19.4 කදී සියලු දෙනා දැවී 130
(ළහිරු උදාර 32, අසාද් ශෆීක් 28, ඉෆ්තිකාර් අහමඩ් 21, වහබ් රියාස් 13, නුවන් ප්‍රදීප් 10, ප්‍රමෝද් මධුෂාන් 17/3, සිකන්දර් රාසා 05/2)


අදහස් (0)

ෂෙවොන් - ජෝර්ඩ්න් දඹුල්ල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.