Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ෂරපෝවාගෙන් තරග තහනමට අභියාචනයක්

ෂරපෝවාගෙන් තරග තහනමට අභියාචනයක්

රොෂාන් ගුණරත්න - 2016 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තහනම් උත්තේජන භාවිතා කිරීමේ චෝදනාවට හසුවීමෙන් දෙලොවක් අතර සිරවී සිටි රුසියාවේ සුරූපි ටෙනිස් තාරකාව මරියා ෂරපෝවාට අන්තර්ජාතික ටෙනිස් සම්මේලනය විසින් වසර දෙකක තරග තහනමක් පනවනු ලැබිණ. එහෙත් එම තීරණයට එක`ග නොවූ ෂරපෝවා සිය කීර්තිමත් ටෙනිස් දිවිය එහෙම පිටින්ම අඳුරට තල්ලූ කිරීමට ගත් මේ තීරණයට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කරන බවද ඒ සැනින්ම කියන්නට වූවාය.


29 හැවිරිදි ෂරපෝවා මේ තහනමට ලක්වූයේ පසුගිය ජනවාරියේ  ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලිය අතරතුර දී ‘මෙල්ඩෝනියම්’ නැමැති තහනම් ඖෂධය භාවිතා කිරීමේ වරදට හසුවීම හේතුවෙනි. ඇයට පැනවූ මේ තරග තහනම පසුගිය ජනවාරි මස 26 වැනිදා සිට 2018 ජනවාරි මස 25 දක්වා බල පැවැත්වෙනු ඇත.


ස්වාධීන විනිශ්ය සභාවක් මගින් කළ පරික්ෂණයකින් පසුව මරියා ෂරපෝවා තහනම් උත්ේතජන පිළිබඳ නීතිරීති උල්ලංඝනය කොට ඇති බව අනාවරණය වී ඇති බැවින් අදාල කාලය තුල සියලූ තරග ප‍්‍රතිඵල ශූන්‍ය කොට 2016 ජනවාරි 26 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි වසර දෙකක තරග තහනමක්  පනවන බව නිවේදනයක් නිකුත් කරමින් අන්තර්ජාතික ටෙනිස් සම්මේලනය ඊයේ ප‍්‍රකාශ කළේය.


මේ  තරග තහනම මුලූමනින්ම අසාධාරණ සහ කුරිරු එකක් බව කියමින් අසුරු සැනින් ෂරපෝවා ඇගේ ෆේස්බුක් පිටුවේ සටහනක් තැබුවේ දැඩි කෝපයෙනි.


”මම හිතාමතාම තහනම් උත්තේජන නීතිරීති උල්ලංඝනය නොකළ බව දැන දැනම මේ දුන්නු තීන්දුව මට භාරගන්න බෑ” ඇය මහත් කෝපයෙන් යුතුව කීවාය.


”මම හිතාමතා මේ තහනම් ඖෂධය පාවිච්චි කළේ නැති බවට අන්තර්ජාතික ටෙනිස් සම්මේලනය විසින්ම තෝරාගන්නා ලද මේ විනිශ්ව සභාව මුල ඉඳලම එක`ගවයි හිටියේ. එහෙම තිබියදීත් එයාලා මාව අවුරුදු දෙකක් ටෙනිස් කී‍්‍රඩාවෙන් ඈත් කිරීම ගැන මම වහාම කී‍්‍රඩාව සම්බන්ධ බේරුම්කාර අධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කරනවා.” යයිද ෂරපෝවා කීවාය.


ජනවාරි 26 වැනිදා පැවැති තහනම් උත්තේජන පරීක්ෂාවෙන් ෂරපෝවා අසමත්වූ අතර පසුව මාර්තු මස 2 වැනිදා ඇයට එරෙහිව තහනම් උත්තේජන නීතිරීති උල්ලංඝනය කළ බවට චෝදනා ගොනුවිය.


ඊට දින කිහිපයකට පසුව ලොස් ඇන්ජලීස් නුවර දී මාධ්‍ය සාකච්ඡුාවක් කැඳවමින් ෂරපෝවා කියා සිටියේ තමා වසර දහයක පමණ කාලයක් පුරා මෙල්ඩෝනියම් ඖෂධය භාවිතා කළ බවටත්, එය තහනම් කළ ඖෂධ ලැයිස්තුවට ඇතුළත්වී ඇතැයි දැන නොසිටි බවටත් කළ පාපොච්ඡුාරණය ආන්දෝලනාත්මක එකක් වීය.


ලෝක තහනම් උත්තේජන විරෝධි ඒජන්සිය මෙල්ඩෝනියම් ඖෂධය සිය ලැයිස්තුවට ඇතුලත් කොට තිබුණේ පසුගිය ජනවාරි මස 1 වැනිදාය.


කෙසේවෙතත් දැන් ෂරපෝවාට  ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේ ඇගේ තෑගි මුදලත්, ශ්‍රේණිගත කිරීම්වලට අවශ්‍ය ප‍්‍රසාද ලකුණුත් එහෙම පිටින්ම අහිමිවී ගොස් තිබේ.


”හැම කී‍්‍රඩකයකුම කී‍්‍රඩිකාවකම නීතිරීති ගැන නිතරම අවධානයෙන් ඉන්න  ඕනා. මේ කාරණාවේදී ඇගේ අත්වැරැුද්දේ වගකීම භාරගන්න වෙන්නෙත් ෂරපෝවාටම තමයි” යයි අන්තර්ජාතික ටෙනිස් සම්මේලනයේ ප‍්‍රධාන විධායක ස්ටීව් සිමොම් නිවේදනයක් නිකුත් කරමින් එසේ කියයි.


ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල හිටපු අංක එකේ කී‍්‍රඩිකාවක වන ෂරපෝවා දැන් ශ්‍රේණිගත කිරීම්වල 26 වැනි තැනට ඇද වැටී සිටින්නීය.  ඕස්ටේ‍්‍රලියානු විවෘත (2008), ප‍්‍රංශ විවෘත (2012, 2014), විම්බල්ඩන් (2004) සහ අමෙරිකා විවෘත (2006) යන ග‍්‍රෑන්ඞ් ස්ලැම් කිරුළු 5 ක් සමග ඇය දිනා ඇති ටෙනිස් ශූරතා සංඛ්‍යාව 35 කි.


තරග තහනමට ලක්වීමේ අවදානමක් තිිබියදීත් රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ ටෙනිස් තරග සඳහා රුසියාව නියෝජනය කරන කණ්ඩායමට ෂරපෝවා ඇතුළත් කිරීමට රුසියානු ඔලිම්පික් කමිටුව තීරණය කර තිබිණ.

-077


අදහස් (0)

ෂරපෝවාගෙන් තරග තහනමට අභියාචනයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.