චමරි අතපත්තුගෙන් වේගවත් පහරක්...
අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සංවිධානයෙන් සංචාරක දකුණු අප‍්‍රිකානු කාන්තා ක‍්‍රිකට් පිල සහ ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල අතර පැවැති එක්දින තරග තුනකින් සමන්විත ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ පළමු තරගාවලියේ කොළඹ එස්.එස්.සී. කී‍්‍රඩාංගණයේදී අද (19) පැවැති තෙවැනි තරගයෙන් කඩුලූ 4ක ජයක් ලැබූ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ 1-1 ක් ලෙස තරගාවලිය සම තත්ත්වයෙන් අවසන් කිරීමට සමත් වූහ.
තරගාවලිය සම වීම නිසා ශ‍්‍රී ලංකාවට සහ දකුණු අප‍්‍රිකාවට ප‍්‍රසාද ලකුණු 3 බැගින් හිමිවිය.
මෙම තරගාවලියේ දෙවැනි තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා පිල ලකුණු 209 ක් රැස්කර සිටියදී වාර්ෂාව හේතුවෙන් අතිරේක දිනයේදී ද තරගය පැවැත්වීමට නොහැකිව විසදුමකින් තොරව අවසන් වීම ශ‍්‍රී ලංකාවට දැඩි පාඩුවක් බවට පත්විය.
මෙම තරගාවලිට රටවල් දෙකේ එකගත්වයෙන් අතිරේක තරගයක් එකතු කර ඇති අතර එය අනිද්දා (21) එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
දෙවැනි තරගයේදී ශතකයක් රැස්කළ ශ‍්‍රී ලංකා පිලේ නායිකා චමරි අතපත්තු ඊයේ පන්දු 71 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 63 ක් රැස්කරමින් ජයග‍්‍රහණයේ දැවැන්ත කොටස්කාරියක් බවට පත්වූවාය.
වර්ෂාව හේතුවෙන් ඊයේ තරගයේ ඉනිමක් ඕවර 27 කට සීමා වූ අතර ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ඕවර 26 කදී කඩුලූ 6 ක් දැවී ලකුණු 140 ක ජයග‍්‍රාහි ඉලක්කය සම්පූර්ණ කළහ.
මෙම තරගාවලියේ පළමු තරග දෙකේදී ඉවත්කර සිටි ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩිකාවන් වන චමරි පොල්ගම්පොළ සහ යශෝධා මෙන්ඩිස් මෙම තරගයට කැදවා සිටියහ.
දකුණු අප‍්‍රිකානු පිල ඕවර 27 කදී කඩුලූ 7 ට 139 (ටි‍්‍රෂා චෙට්ටි 26, මිග්නොන් ඩූ ප‍්‍රීෂ් 34, මරිෂානි කේප් 29, ඉනෝකා රණවීර 23/2, අමා කාංචනා 26/3)
ශ‍්‍රී ලංකා පිල ඕවර 26 කදී කඩුලූ 6 ට 143 (චමරි අතපත්තු 63, ප‍්‍රසාදිනී වීරක්කොඩි 17, යශෝධා මෙන්ඩිස් 26, ශෂිකලා සිරිවර්ධන 12, ශබ්මින් ස්මයිල් 34/3)
ඡායාරූපය: ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.