සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ අද (01) පැවැති තරගයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 6 ක ජයක් ලැබීමට සමත් වූහ.
ලකුණු 246 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් ‘ඒ’ පිල වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවන විට ඕවර 20 කදී කඩුලූ 2 ක් දැවී ලකුණු 71 ක් ලබා සිටියේය. කොදෙව් පිල 20 වැනි ඕවරයේදී කඩුලූ දෙකක් දැවී සිටියදී ජය ලැබීමට නම් ලකුණු 77 ක් රැස්කර තිබිය යුතු විය.
කොදෙව් පිලේ දෙවැනි කඩුල්ල 19 වැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී බිද නොවැටුණේ නම් කොදෙව් පිල ලකුණු 8 කින් ජය ලබන අතර එම කඩුල්ල දැවී යෑමත් සමග ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු සංඛ්‍යාව ඉහළ ගියේය. වමතින් දග පන්දු යවන ලක්‍ෂාන් රංගික සහ දිනේෂ් චන්දිමාල් එකතුව දෙවැනි කඩුල්ල දවා නොගත්තේ නම් ජයග‍්‍රහණය කොදෙව් පිලට ලැබීමට බොහෝ දුරට ඉඩ තිබුණි.
වර්ෂාව අත ළග බව දුටු ජීවන් මෙන්ඩිස් 20 වැනි ඕවරය ඉතාමත් ඉක්මනින් ලකුණු 3 ක් පමණක් ලබා දෙමින් අවසන් කරමින් ජය තහවුරු කර ගත්තේය.
පස්වරු 3.45 ට පමණ වැසි පොදත් සමග ආලෝක තත්ත්වය දැඩි දුර්වල තත්ත්වයකට පත්වූව ද තරගය පවත්වාගෙන ගිය අතර පස්වරු 4.10 ට පමණ වාර්ෂාව වැඩි වීමෙන් තරගය අත්හිටුවීමට සිදුවිය.
පළමුව පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල ඕවර 50 යේදී කඩුලූ 8 ක් දැවී ලකුණු 245 ක් රැස් කළේය.
වසර කීපයකට පසුව කැදවීම් ලැබූ තිළිණ කණ්ඩම්බි අවසන් ඕවර කීපයේදී වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 45 කදී හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 58 ක් රැස්කරමින් ලකුණු 245 ක් දක්වා රැගෙන ඒමට සමත් විය. මෙහිදී කණ්ඩම්බි කිසිදු චකිතයකින් තොරව කඩුල්ලෙන් මෑත්වී පන්දුව ස්ථානගත කරමින් ලකුණු රැස්කළ ආකාරය දැකගත හැකි විය.
ජාතික කණ්ඩායමේ උප නායක ළහිරු තිරිමාන්න ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 101 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 74 ක් රැස් කළේය.
දිනේෂ් චන්දිමාල් අනගි ඉනිමක් දියත් කරමින් පන්දු 82 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 60 ක් ලබා සිටියදී තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.
තිරිමාන්න සහ චන්දිමාල් තෙවැනි කඩුල්ලට පන්දු 139 කදී ලකුණු 110 ක සම්බන්ධතාවක් පවත්වමින් ශක්තිමත් තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.
ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලේ පළමු කඩුල්ල ලෙස ධනුෂ්ක ගුණතිලක ලකුණු 5 ක් ලබා සිටියදී පස්වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී දැවී ගියේය.
සිවුදින තරගාවලියේදී දස්කම් දැක්වූ දිමුත් කරුණාරත්න (04) අසාර්ථක වෙමින් හයවැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී දැවී යෑමත් සමග ලකුණු 10 ට කඩුලූ දෙකක් බවට පත්විය.
කොදෙව් ‘ඒ’ පිලේ නායක කාලෝස් බ‍්‍රැත්වයිට් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ශ‍්‍රී ලංකා පිලට ආරාධනා කළේය.
ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලට නවක ක‍්‍රීඩකයන් වන වේග පන්දු යවන නිසල තාරක, දුෂ්මන්ත චමීර සහ වමතින් දග පන්දු යවන ලක්‍ෂාන් රංගික කැදවා සිටිති.
දෙපිල අතර දෙවැනි එක්දින තරගය අනිද්දා (03) කුරුණෑගල වෙළගෙදර ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ලකුණු පුවරුව
ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල
දිමුත් කරුණාරත්න - ඇ. සහ ප. රොන්ස්ෆෝඞ් බීටන් 4
ධනුෂ්ක ගුණතිලක - ඇ. චැඞ්වික් වෝල්ටන් ප. ශනොන් ගේබි‍්‍රයල් 5
ළහිරු තිරිමාන්න - ඇ. රොන්ස්ෆෝඞ් බීටන් ප. නිකීතා මිලර් 74
දිනේෂ් චන්දිමාල් - ඇ. සුනිල් ඇම්බි‍්‍රස් ප. නිකීතා මිලර් 60
කිත්රුවන් විතානගේ - ඇ. ඈෂ්ලි නර්ස් ප. කාලෝස් බ‍්‍රැත්වයිට් 29
තිළිණ කණ්ඩම්බි - නොදැවී 58
ජීවන් මෙන්ඩිස් - ඇ. ජොනතන් කාටර් ප. කාලෝස් බ‍්‍රැත්වයිට් 4
ෆර්විෂ් මහරුෆ් - ඇ. ඈෂ්ලි නර්ස් ප. රොන්ස්ෆෝඞ් බීටන් 0
නිසල තාරක - දුවද්දී දැවී ගියා 0
ලක්‍ෂාන් රංගික - නොදැවී 0
අතිරේක 11
එකතුව ඕවර 50 යේදී කඩුලූ 8 ක් දැවී 245
පන්දුවට පහර නොදුන් පිතිකරු:
දුෂ්මන්ත චමීර
කඩුලූ වැටීම:
1-10(ධනුෂ්ක ගුණතිලක), 2-10(දිමුත් කරුණාරත්න), 3-118(දිනේෂ් චන්දිමාල්), 4-165(කිත්රුවන් විතානගේ), 5-199(ළහිරු තිරිමාන්න), 6-219(ජීවන් මෙන්ඩිස්), 7-220(ෆර්විෂ් මහරුෆ්), 8-230(නිසල තාරක)
පන්දු යැවීම:
ශනොන් ගේබි‍්‍රයල්: 10-1-47-1, රොන්ස්ෆෝඞ් බීටන්: 10-1-40-2, කාලෝස් බ‍්‍රැත්වයිට්: 10-1-54-2, ජොනතන් කාටර්: 10-0-45-0, නිකීතා මිලර්: 10-0-57-2
බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල
ක්‍රෙග් බ‍්‍රැත්වයිට් - නොදැවී 24
නිකුමර් බොනර් - ඇ. දිමුත් කරුණාරත්න ප. දුෂ්මන්ත චමීර 21
ජර්මේන් බ්ලැක්වුඞ් - ස්ටම්ප් දිනේෂ් චන්දිමාල් ප. ලක්‍ෂාන් රංගික 14
ජොනතන් කාටර් - නොදැවී 1
අතිරේක 11
එකතුව ඕවර 20 කදී කඩුලූ 2 ක් දැවී 71
පන්දුවට පහර දීමට සිටි පිතිකරුවෝ:
රොන්ස්ෆෝඞ් බීටන්, චැඞ්වික් වෝල්ටන්, නිකීතා මිලර්, ඇන්ඩෲ ෆ්ලෙචර්, සුනිල් ඇම්බි‍්‍රස්, කාලෝස් බ‍්‍රැත්වයිට්, ශනොන් ගේබි‍්‍රයල්
කඩුලූ වැටීම:
1-40(නිකුමර් බොනර්), 2-68(ජර්මේන් බ්ලැක්වුඞ්)
පන්දු යැවීම:
නිසල තාරක: 6-1-13-0, ෆර්විෂ් මහරුෆ්: 4-0-21-0, දුෂ්මන්ත චමීර: 5-0-22-1, ජීවන් මෙන්ඩිස්: 4-0-12-0, ලක්‍ෂාන් රංගික: 1-0-1-1
ඡායාරූප - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.