Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාතික මේසපන්දු තරගාවලියේ ශූරයා ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහලේ උදය රණසිංහද, ශූරිය ලෙස එරන්දි වරුසවිතානද ශූරතා දිනාගත්හ.
මෙවර 68 වැනි වරටත් පැවැති ජාතික මේසපන්දු ශූරතාවලිය කොළඹ සුතදාස පිටියේදී පැවැත්විණි. උදය රණසිංහ විවෘත පිරිමි කේවල ශූරතාවද, එරන්දි වරුසවිතාන විවෘත කාන්තා කේවල ශූරතාව දිනාගනිමින්ද මෙවර ජාතික මේසපන්දු ශූරයා සහ ශූරිය බවට පත්වූහ.
තරගාවලියේ ඉසව් කීපයකින් දක්ෂතා දැක්වූ රොහාන් සිරිසේන හා ඉෂාරා මධුරංගි එහිදී දක්ෂතම කී‍්‍රඩකයා හා කී‍්‍රඩිකාවට සම්මාන දිනාගැනීමට සමත් වූහ.
විවෘත පිරිමි කේවල තරගයේ අනුශූරතාව ලද රොහාන් සිරිසේන, විවෘත පිරිමි යුගල තරගයේ සහ මිශ‍්‍ර යුගල තරගයේ ශූරතා දිනාගනිමින් තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා සම්මානයට හිමිකම් කීවේය.
ගුවන් හමුදාවේ මිලින්ද ලක්ෂිත සමග පිරිමි යුගල තරගයට සහභාගී වූ රොහාන්, ගුවන් හමුදාවේම කී‍්‍රඩිකාවක් වන ඉෂාරා මධුරංගි සමග එක්ව මිශ‍්‍ර යුගල තරගය ජය ගත්තේය.
විවෘත කාන්තා කේවල තරගයේ අනුශූරතාව දිනාගත් ඉෂාරා මධුරංගි, විවෘත කාන්තා යුගල තරගයේ තෙවැනි ස්ථානය සහ මිශ‍්‍ර යුගල තරගයේ ශූරතාව දිනාගනිමින් තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩිකාව බවට පත්වූවාය.
තරග වට 4-1 ක් ලෙස රොහාන් සිරිසේන පරාජය කළ මහනුවර විද්‍යාර්ථ විදුහලේ උදය රණසිංහ, විවෘත පිරිමි කේවල තරගයේ ජය තමන් සතු කරගත්තේය. මෙය ඔහු පිට පිටම ජාතික මේසපන්දු ශූරතාව දිනාගත් දෙවැනි අවස්ථාවයි. ඉකුත් සතියේ පැවැති ජාතික කනිෂ්ඨ මේසපන්දු තරගාවලියේ ශූරතාව දිනාගනු ලැබුවේද ඔහු විසිනි.
ඒ අනුව පිට පිට වසර දෙකකදී කනිෂ්ඨ ජාතික ශූරතාව මෙන්ම විවෘත ජාතික ශූරතාවද දිනාගත් කී‍්‍රඩකයකු ලෙස උදය රණසිංහ, වාර්තා පොතට එක්විය.
කාන්තා කේවල අවසන් තරගයේදී ඉකුත් වසරේ ශූරිය වූ ඉෂාරා මධුරංගි පරාජය කළ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ එරන්දි වරුසවිතාන, පළමු වරට ජාතික මේසපන්දු ශූරතාව තමන් සතුකර ගැනීමට සමත්වූවාය.
වසර ගණනක් පුරා මේසපන්දු ශ්‍රේණගත කිරීම්හි ප‍්‍රථම ස්ථානයේ රැදීසිටි ඉෂාරාට එරන්දිගේ ජයත් සමග නොකඩවා අටවැනි වරටත් ජාතික ශූරතාව දිනාගැනීමට තිබූ අවස්ථාව අහිමිවී ගියේය.
තරග වට 3-2 ක් ලෙස නිර්මල ජයසිංහ සහ උදය රණසිංහ පරාජය කරමින් රොහාන් සිරිසේන සහ මිලින්ද ලක්ෂිත පිරිමි යුගල ශූරතාව දිනාගත් අතර තරග වට 3-2 ක් ලෙස රිද්මි කරදනාරච්චි සහ බුද්ධීපනී රාජගුරු පරාජය කරමින් චමත්සරා ප‍්‍රනාන්දු සහ හංසනී පියුමිලා කාන්තා යුගල ශූරතාව දිනාගත්හ.
කුළනක හෙන්දහේවා සහ චමත්සරා ප‍්‍රනාන්දු හමුවේ තරග වට 3-0 ක පහසු ජයක් වාර්තා කළ රොහාන් සිරිසේන සහ ඉෂාරා මධුරංගි මිශ‍්‍ර යුගල ශූරතාවට හිමිකම් කීහ.
සමනල කී‍්‍රඩා සමාජය නියෝජනය කළ ලලිත් පි‍්‍රයන්ත ප‍්‍රවීණ පිරිමි ශූරතාවද, නාවික හමුදාව නියෝජනය කළ ඉන්දික ප‍්‍රසාද් ජ්‍යෙෂ්ඨ පිරිමි ශූරතාවද දිනාගැනීමට සමත්වූහ.
ශී‍්‍ර ලංකා මේසපන්දු සංගමය සංවිධානය කළ මෙම තරගාවලියේ අනුග‍්‍රාහකයන් ලෙස අලියා සිසිල් බීම සමාගම, මොබිටෙල් සමාගම සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව කටයුතු කළහ.
තරග ප‍්‍රතිඵල
විවෘත පිරිමි කේවල
උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 4-1 ක් ලෙස රොහාන් සිරිසේන (ස්ටැග් මේසපන්දු විද්‍යායතනය) පරාජය කරන ලදි. (11/5, 11/4, 11/2, 7/11, 11/4)
විවෘත පිරිමි යුගල
රොහාන් සිරිසේන (ස්ටැග් මේසපන්දු විද්‍යායතනය) සහ මිලින්ද ලක්ෂිත (ගුවන් හමුදාව) විසින් තරග වට 3-2 ක් ලෙස උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) සහ නිර්මල ජයසිංහ (මාස් ඉන්ටිමේට්) පරාජය කරන ලදි. (11/4, 11/7, 7/11, 6/11, 11/9)
විවෘත කාන්තා කේවල
එරන්දි වරුසවිතාන (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් තරග වට 4-1 ක් ලෙස ඉෂාරා මධුරංගි (ගුවන් හමුදාව) පරාජය කරන ලදි. (11/9, 13/11, 8/11, 11/9, 11/1)
විවෘත කාන්තා යුගල
චමත්සරා ප‍්‍රනාන්දු සහ හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස රිද්මි කරදනාරච්චි (මහනුවර මහාමායා විදුහල) සහ බුද්ධීපනී රාජගුරු (කුරුණෑගල මලියදේව බාලිකා විදුහල) පරාජය කරන ලදි. (12/10, 9/11, 12/10, 5/11, 11/8)
විවෘත මිශ‍්‍ර යුගල
රොහාන් සිරිසේන (ස්ටැග් මේසපන්දු විද්‍යායතනය) සහ ඉෂාරා මධුරංගි (ගුවන් හමුදාව) විසින් තරග වට 3-0 ක් ලෙස කුළනක හෙන්දහේවා (කොළඹ රාජකීය විදුහල) සහ චමත්සරා ප‍්‍රනාන්දු (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි. (11/6, 11/5, 11/3)
21 න් පහළ පිරිමි කේවල
ප‍්‍රසාද් ද සිල්වා (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස චමීර ගිණිගේ (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) පරාජය කරන ලදි. (11/2, 11/8, 11/7)
21 න් පහළ කාන්තා කේවල
නුවනි විතානගේ (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස එරන්දි වරුසවිතාන (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල* පරාජය කරන ලදි. (14/12, 11/9, 11/6)
ජ්‍යෙෂ්ඨ පිරිමි කේවල
ඉන්දික ප‍්‍රසාද්ට (නාවික හමුදාව) විසින් තරග වට 3-0 ක් ලෙස බාලසුබ‍්‍රමනියම් (මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව) පරාජය කරන ලදි. (11/4, 11/9, 11/7)
ප‍්‍රවීණ පිරිමි කේවල
ලලිත් පි‍්‍රයන්ත (බටර්ෆ්ලයි කී‍්‍රඩා සමාජය) විසින් තරග වට 3-1 ක් ලෙස ජී. එන්. ලූකස් (ප‍්‍රවීණයන්ගේ මේසපන්දු සංගමය) පරාජය කරන ලදි. (7/11, 11/5, 11/6, 11/8)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.