Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශූරයා - කොරියාවේ ලී : ශූරිය - කැනඩාවේ යූකා

ශූරයා - කොරියාවේ ලී : ශූරිය - කැනඩාවේ යූකා

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශී‍්‍ර ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ 8 වැනි ශ්‍රී ලංකා විවෘත අන්තර් ජාතික රෝදපුටු ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට කොරියාවේ හාජෙල් ලී සමත් විය. අතර එහි කාන්තා කේවල ශූරතාව දිනාගත්තේ කැනඩාවේ යූකා චොකියු විසිනි.   

පිරිමි කේවල අවසන් මහ තරගයේදී ලෝක රෝදපුටු ටෙනිස් ශේ‍්‍රණිගත කිරීම්හි 36 වැනි ස්ථානයේ පසුවන කොරියානු ක‍්‍රීඩක සංග්හෝ ඕ තරග වට 2-0 ක් ලෙස පරාජය කරමින් හාජෙල් ලී එහි ශූරතාවට හිමිකම් කීවේය. හාජෙල් ලී මේ වන විට ලෝක ශේණිගත කිරීම්හි 26 වැනි ස්ථානයේ පසුවන ප‍්‍රභල කී‍්‍රඩකයෙකි.

අවසන් පූර්ව වටයේදී  ඕස්ටේ‍්‍රලියාවේ ස්ටෙෆන් රොච්කවුස්ට් තරග වට 2-0 ක් ලෙස පරාජය කරමින් හාජෙල් ලී අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර සංග්හෝ ඕ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී තරග වට 2-0 ක් ලෙස ශ්‍රී ලංකා කී‍්‍රඩක ගාමිණි දිසානායක පරාජය කරමිනි.

කාන්තා කේවල අවසන් මහ තරගයේදී ලෝක රෝදපුටු ටෙනිස් ශේ‍්‍රණිගත කිරීම්හි 78 වැනි ස්ථානයේ පසුවන ඕස්ටේ‍්‍රලියා කී‍්‍රඩිකා ලූබා ජොසෙව්ස්කි තරග වට 2-0 ක් ලෙස පරාජය කරමින් කැනඩාවේ යූකා චොකියු එහි ශූරතාවට හිමිකම් කීවාය. යූකා චොකියු මේ වන විට ලෝක ශේ‍ණිගත කිරීම්හි 91 වැනි ස්ථානයේ පසුවන්නීය.

අවසන් පූර්ව වටයේදී ශී‍්‍ර ලංකාවේ අනූෂා අමරතුංග තරග වට 2-0 ක් ලෙස පරාජය කරමින් ලූබා ජොසෙව්ස්කි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තාය. යූකා චොකියු අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී තරග වට 2-0 ක් ලෙස ඉන්දියාවේ මධූ බාග්රි පරාජය කරමිනි.

ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන පෙළේ රෝදපුටු ටෙනිස් කී‍්‍රඩකයකු වන ගාමිණී දිසානායක තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත්විය. පළමු වටයේදී ලෝක ශ්‍රේණිගත කිරීම්හි 84 වැනි ස්ථානයේ පසුවන ඉතාලි කී‍්‍රඩක ඇන්ටෝනියෝ චිප්පෝ තරග වට 2-0 ක් ලෙසත්, දෙවැනි වටයේදී ශ්‍රී ලංකා කී‍්‍රඩක ඩබ්ලිව්. පී. ජේ. විජේසිරි තරග වට 2-0 ක් ලෙසත්, පරාජය කළ උපාලි රාජකරුණා තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසියේ අර්ධ අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකාවේ කේ. ඒ. ධර්මකීර්ති තරග වට 2-0 ක් ලෙස පරාජයට පත් කිරිමිනි.

ශ්‍රී ලංකාවේ තවත් ප‍්‍රබල රෝදපුටු ටෙනිස් කී‍්‍රඩකයකු වන උපාලි රාජකරුණාට අර්ධ අවසන් පූර්ව වටයේදී තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. එහිදී ඔහු තරගාවලියේ ශූරතාව දිනාගත් කී‍්‍රඩක හාජෙල් ලී හමුවේ තරග වට 2-0 ක් ලෙස පරාජයට පත් විය.

තරගාවලියේ පිරිමි යුගල ශූරතාව දිනාගැනීමට පිරිමි කේවල තරගයේ ශූරතාව දිනාගත් හාජෙල් ලී සහ අනු ශූරතාව දිනාගත් සංග්හෝ  ඕ ගෙන් සමන්විත වූ කොරියානු කණ්ඩායම සමත් විය. කේ. ඒ. ධර්මකීර්ති සහ රල්ස් රණවීරගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහ තරගයේදී තරග වට 2-0 ක් ලෙස ඔවුන් හමුවේ පරාජයට පත් විය.

ඕස්ටේ‍්‍රලියා, කොරියා, ඉන්දියා, ප‍්‍රංශ සහ ඉතාලි කණ්ඩායම් අභිබවා යුගල පිරිමි තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම් 3 ක් සමත් විය. ඞී. එස්. ආර්. ධර්මසේන සහ ගාමිණී දිසානායක, එන්. ආර්. එල්. ජයසුන්දර සහ සුනිල් පෙරේරා සමග කේ. ඒ. ධර්මකීර්ති සහ රල්ස් රණවීර එම කණ්ඩායම් තුන නියෝජනය කළහ.

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ මෙම තරගාවලියට සත්කාරක ශ්‍රී ලංකාව හැරෙන්නට  ඕස්ටේ‍්‍රලියාව, කොරියාව, ඉන්දියාව, ප‍්‍රංශය, ඉතාලිය සහ කැනඩාව යන රටවල්ද සහභාගී වූහ. තරගාවලිය කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.

 


අදහස් (0)

ශූරයා - කොරියාවේ ලී : ශූරිය - කැනඩාවේ යූකා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.