Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලියට කෝටි 6 ක්

ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලියට කෝටි 6 ක්

editorial - 2022 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වසර තුනකට පසුව ආරම්භ කළ ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලිය මෙවර අනුග්‍රාහකයෙකු නොමැතිව පැවැත්වෙන බැවින්, ශ්‍රී ලංකා පාපන්දු ආයතනය ඒ සඳහා රුපියල් කෝටි හයකට ආසන්න මුදලක් වැය කරයි.

වියදම් ඉහළ යාමට හේතුව ක්‍රීඩා කරන සෑම ක්‍රීඩා සමාජයකට රුපියල් ලක්ෂ 25ක් බැගින් ගෙවීම් ලබාදීමය. මෙම තරගාවලිය පැවැත්වෙන්නේ වසර 2018 න් පසුවය. තරගාවලියේ  ශූරයන්ට රුපියල් මිලියනයක් ප්‍රදානය කෙරේ.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනය පළමු වරට හඳුන්වා දුන් ලංකා සුපර් ලීග් තරගාවලියට  2018 දී ශූරයන්ගේ ලීග් තරගාවලියට ක්‍රීඩා කළ කණ්ඩායම් 10ක් ඇතුළත් කර ගත්තේය. ඒ අනුව 2022 ශූරයන්ගේ ලිග් පාපන්දු තරගාවලියටත් නවක කණ්ඩායම් ගණනාවක් එක්කර ගෙන තිබේ.  2022 ශූරයන්ගේ ලීග් තරගාවලියට ක්‍රීඩා කරන කුරුණෑගල ක්‍රිස්ටල් පැලස්, ජාවාලේන්, මාතර සිටි, මීගමුව යුත්, කුරුණෑගල  පෙලිකන්ස්, සෝන්ඩර්ස්, බේරුවල සුපර්සන් යන කණ්ඩායම් පමණක්  2018 තරගාවලියට ක්‍රීඩා කර තිබේ.

2018 ශූරයන්ගේ තරගාවලිය ජයගත් ඩිෆෙන්ඩර්ස් හෙවත් යුද හමුදා කණ්ඩායම ඇතුළුව කණ්ඩායම් 10 ක් 2022 තරගාවලියෙන් ඉවත් කර, ලංකා සුපර්ලීග් තරගාවලියට එක් කර තිබේ. ශූරයන්ගේ තරගාවලියෙන් සුදුසුකම් ලබා සුපර්ලිග් තරගාවලියට එක්ව සිටින සෙසු කණ්ඩායම් වන්නේ කළුතර බ්ලුස්ටාර්ස්,  සි-හෝක්ස් හෙවත් නාවික හමුදාව, කොළඹ  ක්‍රි.ස. රිනවුන් ක්‍රීඩා සමාජය, නාවලපිටිය අප්කන්ට්‍රි ලයන්ස්, බේරුවල රෙඩි ස්ටාර්ස්, වෙන්නප්පුව නිව් යංග්ස්, රත්නම් හා බ්ලු ඊගල්ස් හෙවත් ගුවන් හමුදා යන කණ්ඩායම්ය.

රටතුළ උද්ගත වූ තත්ත්වයන් හේතුවෙන් මෙවර ශූරයන්ගේ තරගාවලියේ ආරම්භය අවස්ථා කීපයකදීම ප්‍රමාද විය. ශ්‍රී ලංකා පාපන්දු ආයතනය  මෙවර මෙවර තරගාවලිය පසුගිය අප්‍රේල් මාසයේ සිට පවත්වා ගෙනයාමට දැරූ උත්සාහයන් ඒ හේතුවෙන් සඵල නොවීය.

නව ආරකට මෙවර තරගාවලිය පැවැත්වීමේ දී සහභාගි වන සියලු ක්‍රීඩා සමාජ  ‘සමාගම්’ ලෙස ලියාපදිංචි කර ඇත්තේ එය අර්ධ වෘත්තීය මට්ටමේ පාපන්දු තරගාවලියක් ලෙස පවත්වා ගෙන යාම සඳහාය. එහිදී සියලු ක්‍රීඩා සමාජ වෙත  ලක්ෂ 25ක් බැගින් ප්‍රදානය කෙරෙන බව ශ්‍රී ලංකා පාපන්දු ආයතනය පවසයි.

කණ්ඩායම් 14 ක් අතර තරගාවලිය පැවැත්වීමේ දී ඊට ඇතුළත් මුළු තරග ගණන 91කි. එක් කණ්ඩායමක් සියරට ප්‍රතිවාදීන් හමුවේ තරග 13ක් සම්පූර්ණ කළ යුතුය.
විදේශීය ක්‍රීඩකයන් තිදෙනෙකු එක් ක්‍රීඩා සමාජයක් සඳහා නිර්දේශ කළ හැකිය. කණ්ඩායම් සංචිතයකට වයස 21ක් පහළ ක්‍රීඩකයන් තිදෙනකු අනිවාර්යෙන් ඇතුළත් කළ යුතුය. ඉන් එක් අයෙකු තරග වදින අවස්ථාවේ දී කණ්ඩායමට ඇතුළත්ව සිටීම අනිවාර්ය කොන්දේසියකි.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පවසන්නේ තරගාවලියේදී යොවුන් ක්‍රීඩකයන් බහුතරයක් කණ්ඩායමට එක්කර ගැනීමට උනන්දු වන කණ්ඩායම් සඳහා දිරි දීමනා ඉහළ දමන බවයි.


මේ දක්වා පැවැති තරග ප්‍රතිඵල
මාතර ක්‍රීඩා සමාජය විසින් මීගමුව යූත් පිල පරාජය කරන ලදි (2-1)
මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය විසින් ශ්‍රී ලංකා ගමනාගමන පිල පරාජය කරන ලදි (3-0)
නිව් ස්ටාර්ස් පිල විසින් ක්‍රිස්ටල් පැලස් පිල පරාජය කරන ලදි (2-0)


අදහස් (0)

ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලියට කෝටි 6 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.