Last Update  :  2024-05-09 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශූරයන්ගේ ලීග් තරගාවලිය පමා වෙයි

ශූරයන්ගේ ලීග් තරගාවලිය පමා වෙයි

රොෂාන් ගුණරත්න - 2018 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සාෆ් (දකුණු ආසියානු) පාපන්දු ශූරතා තරගාවලිය සැප්තැම්බර් මාසයට යෙදී තිබෙන බැවින් මෙම වසරට නියමිත ‘ඩයලොග්- ශූරයන්ගේ පාපන්දු තරගාවලිය ප්‍රමාද කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.

ඩයලොග් ශූරයන්ගේ පාපන්දු තරගාවලිය සඳහා පළමු වතාවට බේරුවල ‘රෙඞ් ස්ටාර්’ ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා සිටියි. වසර 2013 න් පසුව තරගාවලියට යළිත් ඇතුළත් වීමට රත්නම් ක්‍රීඩා සමාජය සමත්ව සිටියි. බේරුවල රෙඞ් ස්ටාර් පිල පළමු පෙළ ප්‍රධානම පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගත් කණ්ඩායම වන අතර රත්නම් ක්‍රීඩා සමාජය ප්‍රධානම පාපන්දු තරගාවලියේ අනුශූරතාව හිමිකර ගනිමින් ඩයලොග් ශුරයන්ගේ ලීග් තරගාවලියට එක්ව සිටී.

පසුගිය ජනවාරි 14 වැනිදා අවසන් වූ පසුගිය (2017) තරගාවලියේ ප්‍රසාද ලකුණු  සටහනට අනුව අවසන් ස්ථාන දෙකට (17 සහ 18) පත් පොලිසිය සහ මොරගස්මුල්ල යන ක්‍රීඩා සමාජ දෙක මෙවර ඩයලොග් ශූරයන්ගේ ලීග් තරගාවලියෙන් ඉවතට යයි.

පසුගිය වසරේ පැවැති අවසන් මහ තරගයේදී රිනවුන් කණ්ඩායම ගෝල 1-0 කින් පරාජය කළ කොළඹ ක්‍රීඩා සමාජය ගිය වසරේදී ඩයලොග් ශූරතාව දිනා ගත්තේය.

ඩයලොග් ශූරයන්ගේ පාපන්දු තරගාවලියට (2018) සහභාගිවීමට නියමිත ක්‍රීඩා සමාජ කොළඹ, රිනවුන්, වෙන්නප්පුව නිව්යංග්ස්, බේරුවල සුපර්සන්, කුරුණෑගල පෙලිකන්ස්, ගුවන් හමුදාව, මාතර සිටි, අනුරාධපුර සොලිඞ්,  යුද හමුදාව, සෝන්ඩර්ස්, නාවික හමුදාව, නාවලපිටිය අප්කන්ටි්‍ර ලයන්ස්, කළුතර බ්ලුස්ටාර්ස්, මීගමුව යූත්, ජාවාලේන්, ගම්පොල ක්‍රිස්ටල් පැලස්, බේරුවල රෙඩිස්ටාර් සහ රත්නම්.

මේ අතර පාපන්දු සම්මේලනය මෙහෙවන සියළුම තරගාවලි ඉලක්ක කරමින් උපරිම ක්‍රීඩකයන් 50 දෙනකුගෙන් සමන්විත කි්‍රීඩකයන්ගේ ලැයිස්තුවක් ලියාපදිංචිය සඳහා යොමුකරන ලෙස පාපන්දු සම්මේලනයේ කි්‍රීඩකයන්ගේ කමිටුව ක්‍රීඩා සමාජවලට දැනුම් දී තිබේ. කෙසේ වුවත් එහිදී උපරිම ක්‍රීඩකයන්ගේ ගණනක් දක්වා තිබුණත් ඊට අඩු සංචිතයක් වුවද ඒ සඳහා යොමුකළ හැකි බව එම කමිටුව අවධාරණය කරයි.

ඩකා දකුණු ආසියානු පාපන්දු ශූරතාවලිය ඉලක්ක කරමින් ක්‍රීඩකයන් 53 දෙනකුගෙන් සමන්විත ජාතික පාපන්දු පුහුණු සංචිතයක් කාණ්ඩ දෙකකින් සමන්විතව මෙම 17 වැනිදා සිට ආරම්භ කිරීමට පාපන්දු සම්මේලනය කටයුතු යොදා තිබේ. එහි ක්‍රීඩකයන් බහුතරයක් ශූරයන්ගේ තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් නියෝජනය කරන්නෝ වෙති. 


අදහස් (0)

ශූරයන්ගේ ලීග් තරගාවලිය පමා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.