Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශූරයන්ගේ කුසලාන මාතරට

ශූරයන්ගේ කුසලාන මාතරට

editorial - 2022 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මාතර ‘සිටි’ ක්‍රීඩා සමාජය ශූරයන්ගේ ලීග් පාපන්දු (2022) කුසලාන දිනා ගනිමින් ඒ සඳහා රුපියල් මිලියනයක ත්‍යාගයක් හිමිකර ගත්තේය. මෙවර කුසලාන සඳහා තියුණු සටනක නිරතවූ සෙසු කණ්ඩායම් වන ‘ජාවාලේන්’ එහිදී අනුශූරතාව ලැබීය. ඒ සඳහා පිරිනැමෙන ත්‍යාග මුදල රුපියල් 750000 කි.

කණ්ඩායම් 14 ක් මෙවර තරඟාවලියට ඉදිරිපත් වීමේදී ශූරතාව ලද මාතර සිටි කණ්ඩායම තරඟ 13 කදී 10 ක්ම ජය ගෙන දෙකක් ජය පරාජයෙන් තොරව නිමවා එක් තරඟයක් පමණක් පරාජයට පත්වූයේ ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 32 ක් ලබමිනි.

ඔවුන් ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ මුල්තැන ලබන අතර දෙවැනි තැනට පත් ජාවාලේන් ක්‍රීඩකයෝ මුළු ලකුණු 28 ක් ලබා තරගාවලිය නිමාවට පත් කළහ.

ඒ තරඟ 13 කදී අටක් ජය ගැනීමෙනි. විසඳුම් රහිතව තරඟ හතරක්  නිමා කළ ඔවුන්ද එක්  තරගයක් පරාජයට පත්ව තිබේ.

මෙවර කුසලාන දිනා ගත් මාතර සිටි පරාජය කිරීමට තරඟාවලියේ සමත්වූ එකම කණ්ඩායම බවට පත්වූයේ ගම්පොල ක්‍රිස්ටල් පැලැස් කණ්ඩායමයි. ‘බෝගම්බර’ ක්‍රීඩාංගණයේදී පැවැති එම තරගයේදී ක්‍රිස්ටල් පැලැස් පිල ගෝල 2-1 ක ජයක් ලැබීය. ක්‍රිස්ටල් පැලැස් තරඟාවලියේ පස්වැනි තැන ලැබූ කණ්ඩායමයි.

අනුශූරතාලාභී ජාවාලේන් කණ්ඩායම පරාජයට පත් කිරීමේ ගෞරවය ලැබූ එකම කණ්ඩායම බවට පත්වූ කුරුණෑගල පෙලිකන්ස් එහිදී කුරුණෑගල මාළිගාපිටියේදී ගෝල 3 – 1 ක ජයක් වාර්තා කළේය. පෙලිකන්ස් තරඟ 13 කදී හතක ජය වාර්තා කරමින් ප්‍රසාද ලකුණු 24 කට තරඟාවලියේ තෙවැනි ස්ථානය ලැබීය.

මෙම තරඟාවලිය නිමාවට පත් කරමින් එහි ප්‍රබලතම කණ්ඩායම් දෙක බවට ඒ වනවිට පත්ව සිටි මාතර සිටි කණ්ඩායම හා ජාවාලේන් කණ්ඩායම අතර කොළඹ රිඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති තරගය ගෝල 1 -1 කට සමවීම ශූරතාව තහවුරු කර ගැනීමට මාතර ක්‍රීඩකයන්ට බාධාවක් නොවීය.

ඒ එම තරගයට පෙරම ඔවුන් තරඟාවලිය ජයගෙන අවසන්ව තිබූ බැවිනි. වඩාත් අවාසනාවන්ත කණ්ඩායම බවට මෙවර පත්වූ වරක් කුසලාන දිනා ගැනීමට තරම් ප්‍රබල කණ්ඩායමක් බවට පත්ව සිටි අනුරාධපුරය සොලිඩ් ක්‍රිඩා සමාජය මෙවර තරගාවලියේ අවසන් (14 වැනි) ස්ථානය ලැබුවේ කිසිදු තරඟයක් ජය ගැනීමට අපොහොසත් වීමෙනි.


අදහස් (0)

ශූරයන්ගේ කුසලාන මාතරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.