Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශී‍්‍ර ලංකාවට රන් පදක්කම් 2 ක්

ශී‍්‍ර ලංකාවට රන් පදක්කම් 2 ක්

ශනුක අරවින්ද - 2016 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රුසියාවේදී දැන් පැවැත්වෙන 6 වැනි ආසියානු ළමා ක‍්‍රීඩා උළෙලේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ රන් පදක්කම් දෙකක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්ව සිටිති.

පිහිනුම් ශූර අකලංක පීරිස් සහ කෙටිදුර ධාවක ශාලික සන්තුෂ් රන් පදක්කම් දිනාගත්හ.

බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ අකලංක පීරිස් මීටර 100 පසුපස ආර ඉසව්ව තත්පර 58.74 කින් අවසන් කරමින් රන් පදක්කම දිනා ගත්තේය.

කොටහේන ශාන්ත බෙනඩික් විදුහලේ ශාලික සන්තුෂ් මීටර 100 ඉසව්වෙන් (බාලක) රන් පදක්කම දිනා ගත්තේ තත්පර 11.20 කින් තරගය අවසන් කරමිනි.

මීටර 400 (බාලක) ඉසව්වේදී ලූම්බිණි විදුහලේ අදීෂ අන්ජාන් රිදී පදක්කම හිමිකර ගත්තේය.

කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පාරමී වසන්ති මීටර 200 බාලිකා ඉසව්වෙන් රිදී පදක්කම ද, වලල ඒ. රත්නායක විදුහලේ ලක්ෂාන් ඒකනායක එම ඉසව්වේ බාලක ලෝකඩ පදක්කම ද හිමි කර ගත්හ.

මේ මස 17 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට ක‍්‍රීඩා පහක් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 57 දෙනෙක් සහභාගිවී සිටිති.

 


අදහස් (0)

ශී‍්‍ර ලංකාවට රන් පදක්කම් 2 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.