ඉන්දුනීසියාවට එරෙහිව එරටදී පැවැති ඬේවිස් කුසලාන ආසියා ශාන්තිකර කළාපීය II කාණ්ඩයේ තරගාවලියේදී තරග 5-0 ක අන්ත පරාජයක් අත්කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම එම කළාපයේ III කාණ්ඩය දක්වා ඇද වැටීණ.
2011 වසරේදී II කාණ්ඩයට සුදුසුකම් ලබාගත් ශ්‍රී ලංකාව, මේ දක්වා වසර 5 ක් පුරා II කාණ්ඩයේ තම ස්ථානය රැකගැනීමට සමත් වූ අතර මෙම තරගාවලියේ ලද පරාජයත් සමග III කාණ්ඩය දක්වා ඇද වැටීම, වසර 5 කට පසු ශ්‍රී ලංකා ටෙනිස් කී‍්‍රඩාවේ සිදුවූ විශාලම පසුබැසීම ලෙස හැදින්විය හැකිය.
ඒ අනුව නැවතත් II කාණ්ඩයට පැමිණීමට නම් ශ්‍රී ලංකාවට ලබන වසරේ පැවැත්වෙන ඬේවිස් කුසලාන තරගාවලියේදී III කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට සිදුවනු ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වැනි වෘත්තීය මට්ටමේ ටෙනිස් කී‍්‍රඩකයන් නොමැති රටකට එය කිසිසේත් පහසු කටයුත්තක් නොවන බව ටෙනිස් විචාරකයන්ගේ මතයයි.
කේවල තරග 4 කින් සහ යුගළ තරගයකින් සමන්විත මෙම තරගාවලියේ පළමු දිනය නිමා වන විට 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දුනීසියාව කණ්ඩායම සමත් විය.
එදින පැවැති පළමු කේවල තරගයේදී තරග වට 3-0 ක් ලෙස හර්ෂන ගොඩමාන්න පරාජය කිරීමට ඬේවිඞ් සුසන්ටෝ සමත් වූ අතර දෙවැනි කේවල තරගයේදී තරග වට 3-0 ක් ලෙස යසිත ද සිල්වා පරාජය කිරීමට කි‍්‍රස්ටෝපර් රංග්කට් සමත් විය.
දෙවැනි දිනයේ පැවැති යුගළ තරගයේදී හර්ෂණ ගොඩමාන්න සහ යසිත ද සිල්වා තරග වට 3-0 ක් ලෙස පරාජය කිරීමට සමත් වූ කි‍්‍රස්ටෝපර් රංග්කට් සහ සුනුවහු ති‍්‍රජාටි, තවත් කේවල තරග 2 ක් ඉතිරිව තිබියදීම ඉන්දුනීසියාවට තරග 3-0 ක පහසු තරගාවලි ජයක් අත්කර දුන්හ.
තෙැවනි දිනය ආරම්භ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය පරාජය වී සිටි බැවින් එදින පැවැති පළමු කේවල තරගයේදී අත්දැකීම් බහුල කී‍්‍රඩක හර්ෂණ ගොඩමාන්න විවේක ගන්වා නවක කී‍්‍රඩක නිශාංගන් නඩරාජාට අවස්ථාවක් දීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමණාකාරීත්වය තීරණය කර තිබිණ.
කෙසේ වුවත් එම තරගයෙන් නිශාංගන් නඩරාජා පරදවා තරග වට 2-0 ක ජයක් අත්කරගැනීමට ආදිත්‍ය සසොන්ග්කෝ සමත් විය. අවසන් කේවල තරගයේදී යසිත ද සිල්වා හමුවේ තරග වට 2-0 ක ජයක් හිමිකරගත් ඬේවිඞ් සුසන්ටෝ ශ්‍රී ලංකා කණ්ඩායමට තරග 5-0 ක අන්ත පරාජයක් අත්කර දුන්නේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධානතම බලාපොරොත්තුවක් වූ ශාමල් දිසානායක, සිය අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් නැවත ශ්‍රී ලංකාව බලා පැමිණීමත්, ශ්‍රී ලංකාවේ අංක එකේ ටෙනිස් කී‍්‍රඩක දිනේෂ්කාන්තන් තංගරාජා මෙම තරගාවලියට සහභාගි වීමෙන් වැලකී සිටීමත් මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාවේ පසුබෑමට පසුබෑමට දැඩිව බලපෑවේය.
තරග ප‍්‍රතිඵල
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.