Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී දැන් පැවැත්වෙන XVII වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගයට සහභාගි වූ පිරිමි හොකී පිල අද (20) පාකිස්තානු පිල හමුවේ ගෝල 14-0 ක දැවැන්ත පරාජයක් ලැබීය.
ඉංචියොන්හිදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට පාකිස්තානු පිල ගෝල 9-0 කින් පෙරමුණ ගනිමින් දෙවැනි අර්ධයේදී තවත් ගෝල 5 ක් එකතු කර ගැනීමට සමත් විය.
ආසියානු ක්‍රීඩා උළෙලේ ආසන්නතම හොකී ශූරයන් වන පාකිස්තානය තරගය ආරම්භ වී දෙවැනි මිනිත්තුව වන විට ගෝල දෙකක් වාර්තා කරමින් තරගයට පිවිසියේය. ඒ අනුව පාකිස්තානය පළමු කෙටි විවේකය වන විට 4-0 ක් ලෙස පෙරමුණට පැමිණියේය.
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේ මුල සිටම දැඩි ආරක්ෂාකාරි පියවරක් අනුගමනය කිරීම නිසා එම අර්ධයේ 7 වැනි මිනිත්තුව දක්වා පාකිස්තානයට ගෝලයක් සම්පූර්ණ කිරීමට නොහැකි වූවත් කෙටි විවේකය වන විට ලකුණු තත්ත්වය 12-0 ක් බවට පත්විය.
පාකිස්තානු පිලට එකතු වූ ගෝල 14 න් 7 ක්ම දඩුවම් අවස්ථාවලින් ලැබීම කැපී පෙනුණි. ලෝක හොකී ශ්‍රේණිගත කිරීමේ 12 වැනි ස්ථානයේ පසු වන පාකිස්තානු පිලේ තාක්ෂණය සහ වේගය ආසන්නයටවත් පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අසමත් වූහ.
පාකිස්තානු වෘත්තිය ක්‍රීඩකයන් පන්දුව ක්‍රීඩකයන් අතර මාරු කරමින් ගෝල සීමාවට සමීප වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මුල සිටම පන්දුව ඉහළින් ගෝල සීමාව අසළට යොමු කිරීමේ උපක්‍රමයක් අනුගමනය කළ ද එය අසාර්ථක විය. තවද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පාකිස්තානු ක්‍රීඩකයන් පන්දුවට ලබාගන්නා සහ පහර දෙන තෙක් සිට පීඩනය යොමු කිරීමේ දුර්වලතාවක් ද දැකිය හැකිවිය.
පළමු අර්ධයේ පළමු කෙටි විවේකයටත් පෙර ශ්‍රී ලංකා පිලේ නායක සහ ගෝල රකින්නා වන තුසිත් රත්නසිරි වෙනුවට තරි`දු හීන්දෙණිය ආදේශ කිරීම කැපී පෙනුණි.
පළමු අර්ධයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ගෝල සීමාව අසළට හෝ පැමිණීමට ලැබුණේ අවස්ථා තුනකදී පමණි. ශ්‍රී ලංකාවට දෙවැනි අර්ධයේදී දඩුවම් පහර දෙකක් සහ පන්දුව ගෝල සීමාවට රැගෙන ගිය අවස්ථාව දෙකක් ලැබුණ ද ගෝලයක් ලබාගැනීමට නොහැකි විය.
ශ්‍රී ලංකාව වසර 36 කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලේ හොකී තරගාවලියට සුදුසුකම් ලබා පැමිණි අතර පාකිස්තානයට එරෙහිව තරගයකට සහභාගි වූයේ වසර 13 කට පසුවය. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මීට පෙර අවසන් හොකී තරගය පවත්වා ඇත්තේ ශ්‍රී ලංකාවේදී 1991 වසරේ පැවැති සාෆ් ක්‍රීඩා උළෙලේදීය.
ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරගය ඉන්දුනිසියාවට හෙට (21) පෙරවරු 9.00 ට පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.