Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශී‍්‍ර ලංකා වූෂූ පිලට චීනයේදී පදක්කම් 12 ක්

ශී‍්‍ර ලංකා වූෂූ පිලට චීනයේදී පදක්කම් 12 ක්

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීනයේ චීෂෝ නගරයේදී පැවැති 6 වැනි සාම්ප‍්‍රදායික වූෂූ තරගාවලියේදී රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 5 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇන්තනී බේන්ස් රන් පදක්කම් දෙකක්ද, ශාමන් ද සිල්වා රන් පදක්කමක්ද දිනාගැනීමට සමත්වූහ.

ශ්‍රී ලංකාවට සතු වූ රිදී පදක්කම් හතරෙන් දෙකකටම හිමිකම් කීමට සමත්වූ හිරුෂ මධුෂාන් ජයසේකර, ඉන් නොනැවතී කණ්ඩායම් ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්ද දිනාගනිමින් ශ්‍රී ලංකා පිලේ වැඩිම පදක්කම් ලාභියා බවට පත්විය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 15 ක කණ්ඩායමක් මෙම තරගාවලියට සහභාගී වූ අතර ඔවුන්ට අමතරව රටවල් 64 ක් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 1500 ක් පමණ මෙම තරගාවලියට වූහ.

 

රන් පදක්කම් දිනාගත් කී‍්‍රඩකයෝ
ඇන්තනී බේන්ස් (තායිචි චුවාන් සහ තායිචි ජියෑන්)
ශ්‍යාමන් ද සිල්වා (තායිචි ජියෑන්)


රිදී පදක්කම් දිනාගත් කී‍්‍රඩකයෝ
හිරුෂ මධුෂංක ජයසේකර (තායිචි චුවාන් සහ තායිචි ජියෑන්)
එස්. එල්. ඞී. කරුණාරත්න (තායිචි ජියෑන්)
වයි. එස්. ලක්සුර (වෙනත් තායිචි ජියෑන්)


ලෝකඩ පදක්කම් දිනාගත් කී‍්‍රඩකයෝ
තිසේන් ෂෙමාල් (තොම්බෙයි චුවාන්)
ඔෂාන් දිල්ෂ අබේසිංහ (තායිචි ජියෑන්)
එච්. එම්. පී. මනුරංග (චා චුවාන් සහ නැන් ගුන්)
හිරුෂ මධුෂංක ජයසේකර, පසිඳු මිනිවන් සහ හේෂාන් නිම්නක (ඳුලියෑන්)

 


අදහස් (0)

ශී‍්‍ර ලංකා වූෂූ පිලට චීනයේදී පදක්කම් 12 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.