Last Update  :  2026-04-01 16:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ සෞදි අරාබිය පරදවති

ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ සෞදි අරාබිය පරදවති

දිලිනි මල්රුක්ෂි - 2014 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සුගතදාස කී‍්‍රඩාංගණයේදී අද (5 වැනිදා) ආරම්භ වූ X වැනි ආසියානු යොවුන් (බාලක) වොලිබෝල් තරගාවලියේ සහභාගී වූ පළමු තරගයෙන්ම සෞදි ආරාබි පිලට එරෙහිව තරග වට 3-0 ක පහසු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය.

පැයකුත් විනාඩි 15 ක කාලයක් පුරා පැවැති මෙම තරගයේ පළමු වටය, ලකුණු 25/14 ලෙස ජයගත් ශ්‍රී ලංකා පිල එහි දෙවැනි සහ තෙවැනි වට පිළිවෙළින් ලකුණු 25/15 ක් සහ 25/19 ක් ලෙස ජයගත්තේය.

තරගය පුරාම ලබාගත් ලකුණු 75 රැස්කිරීම සඳහා ශ්‍රී ලංකා පිල උත්සහයන් 196 ක් දරා තිබූ අතර සෞදි ආරාබි පිල ලබාගත් ලකුණු 48 වෙනුවෙන් ඔවුන් උත්සහයන් 168 ක් දරා තිබිණ.

ශ්‍රී ලංකා පිලේ නායක මධුසංක ප‍්‍රනාන්දු ලකුණු 16 ක් රැස්කරමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අතර කුමාර බණ්ඩාර සහ චමුදික සුදසිංහ ලකුණු 11 බැගින් රැස්කරමින් ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව හෙට (6 වැනිදා) පස්වරු 6.00 ට පැවැත්වෙන අතර තෙවැනි තරගය කසකස්තානයට එරෙහිව අනිද්දා (7 වැනිදා) පස්වරු 4.00 ට පැවැත්වේ.

ආසියානු යොවුන් වොලිබෝල් තරගාවලියේ සමාරම්භක උළෙල


අදහස් (0)

ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ සෞදි අරාබිය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.