Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකයා විදානගේ

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකයා විදානගේ

දිලිනි මල්රුක්ෂි - 2014 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු කොරියාවේ ඉංචියොන් නුවරදී පැවැත්වෙන 17 වැනි ආසියානු කී‍්‍රඩා උළෙලට සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් චින්තන ගිතාල් විදානගේ පත්කර තිබේ.

මෙවර ආසියානු කී‍්‍රඩා උළෙල වෙනුවෙන් ආසියානු මහද්වීපයට අයත් රටවල් 45 ක කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 13,000 ක් සහ නිලධාරීහු 7000 ක් සහභාගි වෙති. ආසියානු කී‍්‍රඩා උළෙලට එන මෙම කී‍්‍රඩක පිරිස අතරට ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 80 දෙනෙක් සහ නිලධාරීහු 31 දෙනෙක්ද එක්ව සිටිති.

ශී‍්‍ර ලංකාවෙන් යන කණ්ඩායමට මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 11 දෙනෙක්, බොක්සිං කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 4 දෙනෙක්, කි‍්‍රකට් කී‍්‍රඩකයෝ 15 දෙනෙක්, කි‍්‍රකට් කී‍්‍රඩිකාවෝ 15 දෙනෙක්, රග්බි කී‍්‍රඩකයෝ 12 දෙනෙක්, හොකී කී‍්‍රඩකයෝ 16 දෙනෙක්, රුවල් ඔරු පැදීමේ කී‍්‍රඩකයෙක්, වෙරළ වොලිබෝල් කී‍්‍රඩකයෝ 4 දෙනෙක්, බර ඉසිලීමේ කී‍්‍රඩකයෙක් සහ මල්ලවපොර කී‍්‍රඩකයෙක් ඇතුළත් වෙති.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පදක්කම් බලාපොරොත්තු පිරිමි සහ කාන්තා කි‍්‍රකට් කණ්ඩායම් මත රැඳී තිබේ.


අදහස් (0)

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකයා විදානගේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.