ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු තනතුර සදහා හිටපු ටෙස්ට් කි‍්‍රකට් නායක මාවන් අතපත්තු මහතා තෝරාගෙන තිබේ.
වසර 1999 න් පසු දේශීය පුහුණූකරුවකු ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයට පත්වූ පළමු අවස්ථාව මෙය වන අතර 1998 -1999 කාල සීමාව තුළදී රෝයි ඩයස් මහතා ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ.
වසර 2011 පැවති ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියෙන් අනතුරුව මාස 3ක පමණ කාලයක් රුමේෂ් රත්නායක මහතා ශී‍්‍ර ලංකා පිලේ තාවකාලික පුහුණුකරුවකු වශයෙන් කටයුතු කර ඇත.
ටෙස්ට් කි‍්‍රකට් තරග 90 කදී ශී‍්‍ර ලංකා පිල නියෝජනය කර ඇති මාවන්, එහිදී ඉනිම් 156 කදී ශතක 16 ක් සහ අර්ධ ශතක 17 ක් සමගින් ලකුණු 5502 ක් ලබාගෙන තිබේ.
එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරග 268 කට සහභාගී වී ඇති ඔහු එහිදී රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 8529 කි. ඊට ශතක 11 ක් සහ අර්ධ ශතක 59 ක් ඇතුළත් විය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.