ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ මීළග පුහුණුකරුවා මාවන් අතපත්තු වීමට බොහෝ ඉඩකඩ ඇතැයි ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගැනීමට තිබේ.
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා 17 දෙනෙකු අයැදුම් කළද ඔවුන් අතුරින් 9 දෙනකුගේ නම් පමණක් මේ වන විට සාකච්ඡ වෙමින් පවතී. ඉතිරිව සිටින අයැදුම්කරුවන් අතරේ එකම ශී‍්‍ර ලාංකිකයා වන මාවන් අතපත්තු සෙසු සියලූම අයැදුම්කරුවන්ට වඩා ඉදිරියෙන් සිටින බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.
මීට පෙර දෙවතාවක්ම ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රධාන පුහුණුකරුවා ලෙසින් කටයුතු කළ ඩැව්නෙල් වට්මෝර් මහතාත් ශී‍්‍ර ලංකා පිලේ පුහුණුකරු තනතුරට ඉල්ලූම් කර තිබූ නමුත් වට්මෝර් මහතාගේ පුහුණු න්‍යායන් වත්මන් කි‍්‍රකට් කී‍්‍රඩාව හා නොගැලපෙන බවට අදහස් ඉදිරිපත් වීම නිසා වට්මෝර් මහතාගේ නම අවසන් 9 දෙනා අතුරින් ඉවතට ගියේය.
කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා පිලේ පුහුණු අංශයේ නිලධරීන්ගේ රැුස්වීමක් අද (23 වැනිදා) පැවැත්වෙන අතර අවසන් වටය සඳහා අපේක්‍ෂකයන් තිදෙනකු පමණ තෝරාගැනීමට තීන්දු කර ඇති අතර මාවන් අතපත්තු එම තිදෙනාට ඇතුළත් විය හැකි බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායකයක-ුද වන මාවන් අතපත්තු අවසන් වරට පැවැති ටෙස්ට් තරගාවලි තුනේදීම ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රධාන පුහුණුකරුවා ලෙසින් කටයුතු කළ අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම එංගලන්තයේදී ටෙස්ට්, එක්දින සහ විස්සයි20 තරගාවලි තුනම ජයගත්තේද මාවන් අතපත්තුගේ ගුරුහරුකම් ඇතිවය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.