Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශායි හෝප්ගේ ශතකය කොදෙව් පිල දිනවයි

ශායි හෝප්ගේ ශතකය කොදෙව් පිල දිනවයි

ශනුක අරවින්ද - 2018 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශායි හෝප්ගේ විශිෂ්ඨ පිතිහරඹය හමුවේ බංග්ලාදේශටයට එරෙහිව ඩකා නුවර ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (11 වැනිදා) සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 256 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් ක්‍රීඩකයෝ කඩුලු 6 ක් පමණක් දැවී අවසන් ඕවරයේ සිවුවැනි පන්දුවේදී එම ඉලක්කය පසුකර ගියේය. එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ශායි හෝප් පන්දු 144 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 12 ක් සමගින් නොදැවී ලකුණු 146 ක් රැස්කරමින් කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

ඩැරන් බ්‍රාවෝ (27) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 92 කදී ලකුණු 65 සම්බන්ධතාවක් සහ මාලන් සැමුවෙල්ස් (26) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 80 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක්ද ගොඩනැගූ හෝප්, ඉන් නොනැවතී කීමෝ පොල් (නොදැවී 18) සමග 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 76 කදී ලකුණු 71 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

පන්දු 43 කදී වාර්තා වූ බ්‍රාවෝගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහරක් ඇතුළත් වූ අතර පන්දු 45 කදී වාර්තා වූ සැමුවෙල්ස්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය. කීමෝ පෝල් නොදැවී ලකුණු 18 ක් රැස්කළේ පන්දු 31 කට මුහුණ දෙමිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 255 ක් රැස්කළ අතර එහිදී ටමීම් ඉක්බාල් (50), මුෂ්ෆිකුර් රහීම් (62) සහ සකීබ් අල් හසන් (65) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ. පන්දු 63 කට මුහුණදුන් ඉක්බාල් හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සිය අර්ධ ශතකය අලංකාර කළේය.

මුෂ්ෆිකුර් රහීම් සමග දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 120 කදී ලකුණු 111 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඉක්බාල් සමත් වූ අතර රහීම්ගේ අර්ශ ශතකය හතරේ පහර 5 කින් අන්තර්ගත විය. බංග්ලාදේශ ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ සකීබ්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.

බංග්ලාදේශ පිල - ඕවර 50 කදී කඩුලු 7 කට 255
(ටමීම් ඉක්බාල් 50, මුෂ්ෆිකුර් රහීම් 62, සකීබ් අල් හසන් 65, මහමදුල්ලා 30, ඔෂේන් තෝමස් 54/3)

බටහිර ඉන්දී කොදෙව් පිල - ඕවර 49.4 කදී කඩුලු 6 කට 256
(ශායි හෝප් නොදැවී 146, ඩැරන් බ්‍රාවෝ 27, මාලන් සැමුවෙල්ස් 26, කීමෝ පෝල් නොදැවී 18, රුබෙල් හුසේන් 57/2, මුස්තෆිසුර් රෙහෙමාන් 63/2)

-036


අදහස් (0)

ශායි හෝප්ගේ ශතකය කොදෙව් පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.