Last Update  :  2026-03-16 17:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශාමල් දිසානායකට පෙරළිකාර ජයක්

ශාමල් දිසානායකට පෙරළිකාර ජයක්

ශනුක අරවින්ද - 2017 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘එෆ් 1 ෆියුචර්ස්’ ජාත්‍යන්තර ටෙනිස් තරගාවලියේ මූලික වටයේ අද (20 වැනිදා) පැවැති තරගයකදී ප්‍රංශ ක්‍රීඩක ෆ්‍රැන්කොයිස් ආතර් පරාජය කිරීමට ශ්‍රී ලංකාවේ ශාමල් දිසානායක සමත් විය. ශාමල් අතින් පරාජයට පත්වූ ෆ්‍රැන්කොයිස් ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අනුව 836 වැනි ස්ථානයේ පසුවේ.

තරගයේ පළමු වටය ලකුණු 6/1 ක් ලෙසද, දෙවැනි වටය ලකුණු 6/1 ක් ලෙසද ජයගත් ශාමල්, සමස්ත තරගයෙන් වට 2-0 ක පහසු ජයක් වාර්තා කරමින් දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තේය.

මූලික වටයේ අද (20 වැනිදා) පැවැති තවත් තරගයකදී ශ්‍රී ලංකාවේ නිෂාංගන් නඩරාජා වට 2-0 ක් ලෙස (6/2, 6/2) ඉන්දීය ක්‍රීඩක ප්‍රාජ්වල් දේව් හමුවේ පරාජයට පත් විය. ඒ අනුව මෙම තරගාවලියේ කේවල අංශයේ තරග සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 5 දෙනා අතුරින් ක්‍රීඩකයන් තිදෙනෙක්ම මේ වන විට තරගාවලියෙන් ඉවතට විසිවී තිබේ.  

දෙවැනි වටයට සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනා වන යසිත ද සිල්වා සහ ශාමල් දිසානායක හෙට (21 වැනිදා) දිනයේදී පිළිවෙලින් ඉතාලියේ ඩේවිඩ් ගලොප්පිනිට (ලෝක ශේණිගත කිරීම්හි 1129) සහ රුසියාවේ මයිකල් කොරොවින්ට (ලෝක ශේණිගත කිරීම්හි 617) එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය.

යසිත ද සිල්වා සහ ශාමල් දිසානායක තරගාවලියේ යුගළ අංශයේ තරග සඳහාද සහභාගි වූ අතර එහිදී චන්ද්‍රිල් සූද් සහ ලක්ෂිත් සූද් හමුවේ වට 2-0 ක් ලෙස (6/2, 6/4) පරාජය වීම නිසා ඔවුන්ට දෙවැනි වටය සඳහා සුදුසකම් ලබාගැනීමට නොහැකි වූහ.


අදහස් (0)

ශාමල් දිසානායකට පෙරළිකාර ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.