ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ 101 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත පිරිමි කේවල අවසන් මහ තරගයේදී වට 3-1 ක් ලෙස යසිත ද සිල්වා පරාජය කළ ශාමල් දිසානායක පළමු වරට ජාතික ටෙනිස් ශූරයා බවට පත් විය.
අවසන් මහ තරගයේ පළමු වටය ලකුණු 6/2 ක් ලෙස ජයගැනීමට ශාමල් දිසානායක සමත් වූ අතර ලකුණු 6/4 ක් ලෙස දෙවැනි වටය ජයගනිමින් තරගය සම තත්ත්වයකට පත් කිරීමට යසිත ද සිල්වා සමත් විය. කෙසේ වුවත් තෙවැනි සහ සිව්වැනි වට පිළිවෙලින් ලකුණු 6/2 ක් සහ 6/3 ක් ලෙස ජයගත් ශාමල් දිසානායක වට 3-1 ක් ලෙස සමස්ත තරගයේ ජය තමන් කරගත්තේය.
පළමු අවසන් පූර්ව තරගයේදී වට 3-0 ක් ලෙස හීරා ආෂික් පරාජය කරමින් ශාමාල් දිසානායක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර යසිත ද සිල්වා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 3-0 ක් ලෙස සංඛ අතුකෝරල පරාජය කරමිනි.
ඉකුත් වසරේ පැවැති ජාතික ටෙනිස් ශූරතාවලියේදීද විවෘත පිරිමි කේවල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශාමල් දිසානායක සමත් වුවත්, එම අතරතුරදී ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් තරගයෙන් ඉවත් වීම නිසා ඔහුට එවර අනුශූරතාවෙන් සෑහීමකට පත් වීමට සිදුවිය.
කොළඹ ටෙනිස් සංගම් මුලස්ථන කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස බි‍්‍රටෑනියා සමාගම කටයුතු කළේය. එහි සම අනුග‍්‍රාහකයන් ලෙස ජනශක්ති රක්ෂණ සමාගම සහ පෙරේරා සහ පුත‍්‍රයෝ සමාගම කටයුතු කළ අතර තරගාවලියේ නිල පන්දු සැපයුම්කරුවා වූයේ ඩන්ලොප් සමාගමයි.
විවෘත පිරිමි කේවල අවසන් මහ තරගය
විවෘත පිරිමි කේවල අවසන් පූර්ව වටයේ තරග
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.