යාපනයේදී තුන්වැනි වරටත් පැවැත්වෙන මුරලි- සාම කුසලාන විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ සිකුරාදා පැවැති තරග වලින් අනතුරුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශාන්ත පීතර, ආනන්ද, රිච්මන්ඞ් සහ පොළොන්නරුව ඒකාබද්ධ කණ්ඩායම් සමත් වූහ. මෙම කණ්ඩායම් අතුරින් ශාන්ත පීතර විදුහල පසුගිය වසරේ පැවැති තරගාවලියේ ශූරතාව දිනාගත් කණ්ඩායමද වෙයි.
තරගාවලියේ අවසන් පූර්ව තරග අද (1 වැනිදා) යාපනය ශාන්ත පැට්ටි‍්‍රක් විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙයි. කිලිනොච්චි ප‍්‍රදේශයේ මේ දිනවල පවතින කි‍්‍රකට් කී‍්‍රඩාවට යෝග්‍ය නොවන කාලගුණය හේතුවෙන් අවසන් පූර්ව තරග දෙකම යාපනයේ ශාන්ත පැට්ටි‍්‍රක් විද්‍යාලයේදී පැවැත්වීමට සංවිධායකයෝ තීරණය කළහ.
අවසන් පූර්ව වටයේදී ශාන්ත පීතර විදුහල සහ ආනන්ද විදුහලද රිච්මන්ඞ් විදුහල සහ පොළොන්නරුව ඒකාබද්ධ විදුහල් කණ්ඩායමද තරග වැදීමට නියමිතය.
ඊයේ (31 වැනිදා) දිනයේ පැවැති තරග වල ප‍්‍රතිඵල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.