Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩය යටතේ සෙනසුරාදා (16 වැනිදා) පැවැති තරගයකදී ලකුණු 20-15 ක් ලෙස මහනුවර ත්‍රිත්ව විදුහල පරාජය කිරීමට මරදාන ශාන්ත ජෝෂප් විදුහල සමත් විය. මේ දක්වා සිය අපරාජිත බව රැකගෙන සිටින ශාන්ත ජෝෂප් විදුහල පිට පිටම ලැබූ තෙවැනි ජය මෙය විය.
මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 17-08 ක් ලෙස ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ පෙරමුණ ගත්හ. එහිදී ශාන්ත ජෝෂප් විදුහල ගෝල දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු රැස්කළ අතර ත්‍රිත්ව විදුහල ලකුණු රැස්කළේ උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගිනි.
දෙවැනි අර්ධයේදී ශාන්ත ජෝෂප් විදුහල දඬුවම් පහරක් සාර්ථක කරගනිද්දී, ගෝල දිනුමක් වාර්තා කිරීමට ත්‍රිත්ව විදුහල සමත් වුවද තරගය ජයගැනීම සඳහා එය ප්‍රමාණවත් නොවීය. පළමු අර්ධය අවසානයේ පැවැති ලකුණු පරතරය අනුව නියමිත කාලය අවසන් වන විට ලකුණු 20-15 ක් ලෙස ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ තරගයේ ජය තමන් සතුකර ගත්හ.
මෙම තරගයේදී නවීන් මාරසිංහ සහ රහීල් ජයවර්ධන ශාන්ත ජෝෂප් විදුහල වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත් අතර එම උත්සාහක දිනුම් දෙකේ ප්‍රවර්ථනයන් මෙන්ම දඬුවම් පහර 2 ද සාර්ථක කරගනු ලැබුවේ දිල්හාර සුබාෂ් විසිනි.
එහිදී ත්‍රිත්ව විදුහල වෙනුවෙන් අෂේන් විජේසූරිය සහ අබ්දුල් කලීල් උත්සාහක දිනුම් ලබාගත් අතර ඉන් දෙවැනි උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථන කර ගැනීමට අනුහස් කොඩිතුවක්කු සමත් විය. ත්‍රිත්ව විදුහල වෙනුවෙන් දඬුවම් පහරක් සාර්ථක කරගනු ලැබුවේ කොවිඳු වික්‍රමසිංහ විසිනි.
(ඡායාරූප - ඩයලොග් අනුග්‍රහයෙනි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.