Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට රන් පදක්කම් 9 ක්

ශ්‍රී ලංකාවට රන් පදක්කම් 9 ක්

ශනුක අරවින්ද - 2016 ජුලි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානයේ කරච්චි නුවරදී පැවැති දකුුණු ආසියානු කනිෂ්ඨ සහ ආධුනික මේසපන්දු තරගාවලියේදී රන් පදක්කම් 9 ක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ.

මෙම තරගාවලියේ අධුනික බාලක කේවල ඉසව්වේ රන් පදක්කම හැරෙන්නට ඉතිරි රන් පදක්කම් 9 ම දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමක් දකුණු ආසියානු කනිෂ්ඨ සහ ආධුනික මේසපන්දු තරගාවලියකදී දිනාගත් වැඩිම රන් පදක්කම් ගණන ලෙසද මෙය වාර්තා අතරට එක්විය.

මෙහි කේවල ඉසව් වලදී රන් පදක්කම් දිනාගැනීමට උදය රණසිංහ (කනිෂ්ඨ බාලක), හංසනී පියුමිලා (කනිෂ්ඨ බාලිකා) සහ ඉමාෂා ද සිල්වා (අධුනික බාලිකා) සමත් වූ අතර යුගළ ඉසව් වලදී රන් පදක්කම් දිනාගැනීමට උදය රණසිංහ සහ කි‍්‍රෂාන් වික‍්‍රමරත්න (කනිෂ්ඨ බාලක), හංසනී පියුමිලා සහ චමත්සරා ප‍්‍රනාන්දු (කනිෂ්ඨ බාලිකා) යන කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ.

කනිෂ්ඨ බාලක, කනිෂ්ඨ බාලිකා, ආධුනික බාලක සහ ආධුනික බාලිකා යන කාණ්ඩ හතරේම කණ්ඩායම් ඉසව් වලදීද ශ්‍රී ලංකාවට රන් පදක්කම් හිමිවිය.

ශ්‍රී ලංකාව දිනාගත් රිදී පදක්කම් 4 ට හිමිකම් කීමට කි‍්‍රෂාන් වික‍්‍රමරත්න (කනිෂ්ඨ බාලක කේවල), චමත්සරා ප‍්‍රනාන්දු (කනිෂ්ඨ බාලිකා කේවල), හර්ෂණ කරඳවැල (අධුනික බාලක කේවල) සහ තනුෂි රොද්‍රිගූ (අධුනික බාලිකා කේවල) සමත් වූහ.

අධුනික බාලක කේවල තරගයට සහභාගි වූ හේලිත හෙන්ඳාවිතාරණ, ශ්‍රී ලංකාව ලබාගත් එකම ලෝකඩ පදක්කමට හිමිකම් කීවේය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට කී‍්‍රඩකයෝ 7 දෙනෙක් සහ කී‍්‍රඩිකාවෝ 7 දෙනෙක් සහභාගි වූ අතර කනිෂ්ඨ තරගාවලියේදී කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සිව්දෙනා බැගින්ද, ආධුනික තරගාවලියේදී කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තිදෙනා බැගින්ද තරග වැදිණ.

කෙසේ වුවත් ලෝක මේසපන්දු ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියෙන්ම සිටින දකුණු ආසියාතික රට වන ඉන්දියාව, විසා ලබාගැනීමේ ගැටලූවක් මත මෙම තරගාවලියට සහභාගි නොවූ අතර ශ්‍රී ලංකාව, සත්කාරක පාකිස්තානය, නේපාලය සහ මාලදිවයින ඊට සහභාගි විය.

මහනුවර විද්‍යාර්ථ විදුහලේ උදය රණසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසත්, කොළඹ විශාකා විදුහලේ හංසනී පියුමිලා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙසත් කටයුතු කළහ.

බුද්ධික දික්කුඹුර මහතා සහ නාමල් ගුණසේකර මහත්මිය කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස කටයුතු කළ අතර අශෝකමාලා තෙන්නකෝන් මහත්මිය කලමණාකාරිණිය ලෙස තරගාවලියට සහභාගි වූවාය.

රන් පදක්කම්

  • කනිෂ්ඨ බාලක කේවල - උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල)
  • කනිෂ්ඨ බාලිකා කේවල - හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල)
  • අධුනික බාලිකා කේවල - ඉමාෂා ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල)
  • කනිෂ්ඨ බාලක යුගළ - උදය රණසිංහ සහ කි‍්‍රෂාන් වික‍්‍රමරත්න (මහනුවර විද්‍යාර්ථ විදුහල)
  • කනිෂ්ඨ බාලිකා යුගළ - හංසනී පියුමිලා සහ චමත්සරා ප‍්‍රනාන්දු (කොළඹ විශාකා විදුහල)
  • කනිෂ්ඨ බාලක කණ්ඩායම
  • කනිෂ්ඨ බාලිකා කණ්ඩායම
  • ආධුනික බාලක කණ්ඩායම
  • ආධුනික බාලිකා කණ්ඩායම

රිදී පදක්කම්

  • කනිෂ්ඨ බාලක කේවල - කි‍්‍රෂාන් වික‍්‍රමරත්න (මහනුවර විද්‍යාර්ථ විදුහල)
  • කනිෂ්ඨ බාලිකා කේවල - චමත්සරා ප‍්‍රනාන්දු (කොළඹ විශාකා විදුහල)
  • අධුනික බාලක කේවල - හර්ෂණ කරඳවැල (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල)
  • අධුනික බාලිකා කේවල - තනුෂි රොද්‍රිගූ (මහනුවර මහාමායා විදුහල)

ලෝකඩ පදක්කම

  • අධුනික බාලක කේවල - හේලිත හෙන්ඳාවිතාරණ (කොළඹ රාජකීය විදුහල)

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට රන් පදක්කම් 9 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.