ඕස්ටේ්රලියාවේ ගෝල්ඞ් කෝස්ට්හි දැන් පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවේ චතුරංග ලක්මාල් සහ හංසනී ගෝමස් රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත් වූහ. මෙම තරගාවලිය සැප්තැම්බර් මස 4 වැනිදා සිට 9 වැනිදා දක්වා පැවැත්වෙයි.
චතුරංග ලක්මාල් කිලෝ ග්‍රෑම් 56 බර පංතිය නියෝජනය කරමින් රිදී පදක්කම දිනාගත් අතර ඔහු ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 117 ක්ද, ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 130 ක්ද එකතුව කිලෝ ග්‍රෑම් 247 ක් වශයෙන් බර ඔසවා තිබේ. චතුරංග ඔසවන ලද ස්නැච් බර ප්‍රමාණය නව ශ්‍රී ලංකා වර්තාවක් ලෙසද සඳහන් වෙයි. පෙර පැවැති ශ්‍රී ලංකා වාර්තාව වෙනුවෙන් ඔසවන ලද බර කිලෝ ග්‍රෑම් 110 කි.
හංසනී ගෝමස් ලෝකඩ පදක්කම දිනාගත්තේ කිලෝ ග්‍රෑම් 48 බර පංතියෙනි.
මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ පදක්කම් ලාභී සුදේෂ් පීරිස් අද (5 වැනිදා) කිලෝ ග්‍රෑම් 62 බර පංතිය යටතේ තරග වැදීමට නියමිතය.
මෙම තරගාවලිය සඳහා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ 8 දෙනෙක් සහ ක්‍රීඩිකාවෝ 6 දෙනෙක් සහභාගි වෙති. යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4 දෙනකුද මේ වන විට ගෝල්ඞ් කෝස්ට් නගරයට ගොස් සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.