Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ මස අගදී පැවැත්වීමට නියමිත විස්සයි-20 තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක විරාට් කෝලි විවේක ගනුවනු ඇතැයි ඉන්දියාවෙන් ලැබෙන වාර්තා වලින් කියැවේ. විරාට් කෝලි, දීර්ඝ කාලයක් තිස්සේ දිගින් දිගටම අන්තර්ජාතික තරග වලට සහභාගි වෙමින් සිටි අතර ටෙස්ට් තරගාවලියට පෙර ඔහුට විවේක දීම ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ අරමුණ වී තිබේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය මේ මස 24 වැනිදා සිට පැවැත්වේ.
ඉන්දීය සීමිත ඕවර කණ්ඩායම් වල නායකත්වය වෙනස්වීම සම්බන්ධයෙන් පවතින අර්බුදය සමතයකට පත්කිරීමද මෙම විවේක ගැන්වීමේ තවත් අරමුණක් වී ඇතැයි ඉන්දීය ක්‍රිකට් ආරංචිමාර්ග වලින් දැනගන්නට ඇත.
මේ වන විට බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගවලියට සහභාගි වෙමින් සිටින විරාට් කෝලි දින 80 කට ආසන්න කාලයක් තිස්සේ එක දිගටම අන්තර්ජාතික තරග වලට සහභාගි වෙමින් සිටී. ඉන්දීය කණ්ඩායමේ සෙසු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට වරින් වර විවේක ලැබුණ නමුත් ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන ආකාර තුනේම තරග වලට සහභාගි වන බැවින් කෝලිට විවේක ගැනීමේ අවස්ථාවක් නොලැබිණ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විස්සයි-20 තරගාවලියේ පළමුවැන්න ලක්නව්හිදී පැවැත්වෙයි. දෙවැනි සහ තුන්වැනි තරග ධරම්ශාලාහිදී පැවැත්වීමට නියමිතය.
ඇතැම් ආරංචි මාර්ග වලින් කියැවෙන්නේ විරාට් කෝලි පළමු ටෙස්ට් තරගය සඳහාත් විවේක ගන්වනු ඇති බවකි. මේ වන විට ටෙස්ට් තරග 99 කට සහභාගි වී සිටින කෝලිට ඔහුගේ 100 වැනි ටෙස්ට් තරගයට, බැංගලෝරයේදී සහභාගිවීමේ අවස්ථාව දීමත් ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ බලාපොරොත්තුවක් වී ඇත්තේ මේ වන විට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සමග පවතින විරසකය නිමා කරගැනීමේ අදහස ඇතිව බවද වාර්තා වේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු වැනි ටෙස්ට් තරගය (ශ්‍රී ලංකාවේ 300 වැනි ටෙස්ට් තරගය) මාර්තු මස 4 වැනිදා සිට 8 වැනිදා දක්වා ධරම්ශාලාහිදී පැවැත්වේ. දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ බැංගලෝරයේදීය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.