Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
වසර 23 කට පසුවත් මාලදිවයින පරාජය කිරීමේ උත්සහය අසාර්ථකවූ ශ්‍රී ලංකාව අද (6 වැනිදා) පස්වරුවේදී කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේ පැවැති දෙරට අතර සුපර් (සුපර් කප්) කුසලාන තරගාවලියේ පළමු තරගයෙන් ගෝල 3 - 0 ක දරුණු පරාජයක් ලැබීය.
මෙම තරගයෙන් මාලදිවයින වේලාසනින්ම ජය ගත් බවක් පෙන්වූයේ පළමු භාගයේදීම ගෝල 2 - 0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්වීම තුළිනි. දෙරට ජාත්‍යන්තර පාපන්දු පිටියේ මුණ ගැසුණේ වසර 2002 න් පසුවය.
හුසේන් නයිස් 28 වැනි විනාඩියේදීත් හා ඊබ්‍රාහිම් හුසේන් 35 වැනි විනාඩියේත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක, එහි නිත්‍ය දැල් රකින්නා වන සුජාන් පෙරේරා පරාජයට පත් කරමින් එම ගෝල ද්විත්වය වාර්තා කළේය. නැවැත නියමිත විනාඩි 90 න් පසුව පිරිණැමුණු අතිරේක දෙවැනි (90 +2) විනාඩියේදී අලි ෆසීර් ලබා ගත් තෙවැනි ගෝලයෙන් දකුණු ආසියානු කලාපයේ සිය සම්ප්‍රදායික ප්‍රතිවාදියා පරාජය කිරීමේ උත්සහය තවදුරටත් සාර්ථක නොවන බවට ශ්‍රී ලංකාවට පසක් කර දීමට මාලදිවයින ගත් උත්සහය ඉහළින්ම සනාථ කෙරුණි.
මාලදිවයින ජාත්‍යන්තර පාපන්දු පිටියේ මෑත කාලයේ දිගින් දිගටම ලද පසුබෑම නිවැරදි කර ගැනීමට ඊයේ දැරූ උත්සහය සාර්ථක වූ බවක් පෙන්වූයේ මෙම වසරේ ඔවුන් ලැබූ පළමු ජය කොළඹදී වාර්තා කිරීමට සමත්වීම තුළිනි. එසේවූයේ ඔවුන් මෙම වසරේ එතෙක් සහභාගිවී සිටි ජාත්‍යන්තර තරග හතරකින් පිට පිටම පරාජයවී තිබියදීය.
ඒ හේතුවෙන් ඔවුන් ලෝක පාපන්දු කණ්ඩායම් (පිරිමි) ශ්‍රේණිගත කිරීම්හි පියවර හතක්ම පහළට යමින් 162 සිට 171 දක්වා ස්ථානයට පත් විය. ශ්‍රී ලංකාව පැත්තෙන් අද පරාජය කැපී පෙනෙන්නේ ඔවුන් මෙම වසරේදී බෲනායි ((1- 0) හා චීන- තායිපේ ( 3 -1) සමග තරග දෙකක් ජය ගෙන තිබියදී කොළඹ සිය ක්‍රීඩාංගණයේදීම අත් කර ගත් පරාජයයි.
එසේවූවත් ආසන්නයේදීම මාලදිවයිනට අභියෝග කිරීමේ තවත් අවස්ථාවක් ශ්‍රී ලංකාවට ඉතිරිව තිබේ. ඒ මෙම තරගාවලිය යටතේ දෙරට අගහරුවාදා (9) පස්වරු 5 ට රීඩ් මාවත ක්‍රීඩාංගණයේදීම දෙවැනි (අවසන්) තරගයේදී මුණ ගැසෙන බැවිනි.
මාලදිවයින පරාජය කිරීමෙන් ශ්‍රී ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි දැන් පසුවන 196 වැනි ස්ථානයෙන් ඉදිරියට පැමිණීමේ උත්සහයක නිරත විය. සුපර් කුසලාන තරග දෙකම ශ්‍රී ලංකාව ජය ගත්තේ නම් ඔවුන්ට ලෝක පාපන්දු කණ්ඩායම් (පිරිමි) ශ්‍රේණිගත කිරීම් අනුව 192 වැනි ස්ථානය තෙක් ඉහළට පැමිණීමේ අවස්ථාවක් එහිදී උදාවී තිබුණි.
කෙසේවූවත් මාලදිවයින අද රාත්‍රීය උදාවන විට වාර්තා කළ ජාත්‍යන්තර පාපන්දු තරග ජයග්‍රාහණය වඩාත් අද්විතීය වන්නේ ඒ වන විට ඔවුන්ගේ නිත්‍ය පුහුණුකරු නොමැතිව වැඩබලන පුහුණුකරුවෙකු යටතේ කොළඹ තරග සංචාරයට සහභාගිවී සිටීමය.
ශ්‍රී ලංකාව අද පළමු තරගයෙන් ලද පරාජයත් සමග සුපර් කුසලාන දිනා ගැනීමේ තවත් බලාපොරොත්තුවක් ඔවුන්ට තිබේ නම් අගහරුවාදා (9) දෙවැනි (අවසන්) තරගය අවම ගෝල 4 - 0 ක පරතරයකින් ජය ගත යුතුය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.