Last Update  :  2024-05-07 23:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව පස්වැනි තැනට

ශ්‍රී ලංකාව පස්වැනි තැනට

editorial - 2022 ඔක් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ඇෆ්ඝනිස්ථානය සහ අයර්ලන්තය අතරත්, එංගලන්තය සහ ඕස්ටේ්‍රලියාව අතරත් අද (28 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන තරග දෙකම, එකම පන්දුවක් හෝ නොයවා අතහැර දමන ලද බැවින් කණ්ඩායම් 4 ටම ප්‍රසාද ලකුණක් බැගින් ප්‍රදානය කෙරිණ. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රසාද ලකුණු පුවරුවේ 2 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පස්වැනි ස්ථානය දක්වා ඇද වැටිණ.

ඊයේ වන විටත් දෙවැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ඝනිස්ථාන - අයර්ලන්ත තරගය අතහැර දැමීමත් සමගින් 3 වැනි ස්ථානයට වැටිණ. ඕස්ට්‍රේලියා - එංගලන්ත තරගය අතහැර දැමීමත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම පස්වැනි ස්ථානයට වැටිණ.

12 දෙනාගේ  වටයට සුදුසුකම් ලබාගත් නමුත් ඇෆ්ඝනිස්ථානයට තවමත් එකම තරගයක් හෝ ජයගැනීමට හැකිවී නැත. නවසීලන්තයට සහ අයර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ ඔවුන්ගේ තරග දෙකක් වර්ෂාවට සේදී ගියද ප්‍රසාද ලකුණු 2 ක් හිමිවී තිබේ. එහෙත් එංගලන්තය හමුවේ ලද පරාජය හේතුවෙන් ඇෆ්ඝනිස්ථානය ප්‍රසාද ලකුණු සටහනේ පහළටම වැටී සිටී.

ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට නම් ප්‍රසාද ලකුණු සටහනේ පළමු කණ්ඩායම් දෙක අතර සිටිය යුතුය.


අදහස් (0)

ශ්‍රී ලංකාව පස්වැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.