Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව ඉදිරියට එයි

ශ්‍රී ලංකාව ඉදිරියට එයි

editorial - 2021 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

කටාර් රාජ්‍යයේදී පැවැත්වෙන ආසියානු මේසපන්දු තරගාවලියේ මූලික වටයේදී අත්කරගත් ප්‍රතිඵල හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට 11 වැනි සහ 12 වැනි ස්ථාන සඳහාත්, පිරිමි කණ්ඩායමට 17 වැනි සහ 18 වැනි ස්ථාන සඳහාත් තරග වැදීමට සිදුවූහ.

අවසන් වරට පැවැති ආසියානු මේසපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 15 වැනි ස්ථානයටත්, පිරිමි කණ්ඩායම 23 වැනි ස්ථානයටත් පත්වූහ. ඒ අනුව මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකම ස්ථාන කිහිපයක් ඉදිරියට පැමිණ තිබේ.

මූලික වටයේදී දෙවැනි කාණ්ඩය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම, එහිදී බංග්ලාදේශයට එරෙහිව පැවැති තරග 3-0 ක් ලෙස ජයගත් නමුත් තායිලන්තය හමුවේ 3-1 පරාජයට පත්විය. ඒ හේතුවෙන් ඔවුන්ට පිරිමි කණ්ඩායම් අතර 13 වැනි සහ 18 වැනි ස්ථාන අතර ස්ථානයක් දිනාගැනීම සඳහා සත්කාරක කටාර් රාජ්‍යයට එරෙහිව තරග වැදීමට සිදුවිය.

කටාර් රාජ්‍යයට එරෙහිව පැවැති තරගයේදී 3-1 ක් ලෙස පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට 17 වැනි සහ 18 වැනි ස්ථාන වෙනුවෙන් පැවැත්වෙන තරගයේදී ඉන්දුනීසියාවට එරෙහිව තරග වැදීමට සිදුවිය. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (29 වැනිදා) රාත්‍රී 9.00 ට ආරම්භ වීමට නියමිතව තිබිණ.

මූලික වටයේදී සිවුවැනි කාණ්ඩය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, එහිදී බංග්ලාදේශයට එරෙහිව පැවැති තරග 3-0 ක් ලෙස ජයගත් නමුත් කසකස්තානය හමුවේ 3-0 ක් ලෙස පරාජයට පත්විය. ඒ හේතුවෙන් ඔවුන්ට කාන්තා කණ්ඩායම් අතර 11 වැනි සහ 14 වැනි ස්ථාන අතර ස්ථානයක් දිනාගැනීම සඳහා ජෝර්දානයට එරෙහිව තරග වැදීමට සිදුවිය.

ජෝර්දානයට එරෙහිව පැවැති තරගය 3-0 ක් ලෙස ජයගැනීම නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 11 වැනි සහ 12 වැනි ස්ථාන වෙනුවෙන් පැවැත්වෙන තරගයේදී ඉන්දුනීසියාවට එරෙහිව තරග වැදීමට සුදුසුකම් ලැබීය. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (29 වැනිදා) පස්වරු 6.30 ට ආරම්භ විය.

මෙම තරගාවලිය ලබන වසරේදී පැවැත්වෙන ලෝක කණ්ඩායම් මේසපන්දු තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියක් ලෙසද සැලකේ. ඒ අනුව මෙම තරගාවලියේ පළමු කණ්ඩායම් 16 අතරට පැමිණෙන පිරිමි සහ කාන්තා කණ්ඩායම් ලෝක කණ්ඩායම් මේසපන්දු තරගාවලියට සුදුසුකම් ලබනු ඇත.

 


අදහස් (0)

ශ්‍රී ලංකාව ඉදිරියට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.