Last Update  :  2024-04-26 18:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව IV වැනි කාණ්ඩයට පසුබසියි

ශ්‍රී ලංකාව IV වැනි කාණ්ඩයට පසුබසියි

editorial - 2021 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

සිරියාවට සහ ජෝර්දානයට එරෙහිව පැවැති තරග වට දෙකේදීම පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඩෙවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ආසියා ශාන්තිකර කලාපයේ IV වැනි කාණ්ඩය දක්වා පසුබැසීමට සිදුවිය.

තරගාවලිය ආරම්භ වීමට පෙර ආසියා ශාන්තිකර කළපයේ III වැනි කාණ්ඩයේ පසු වූ ශ්‍රී ලංකාව, සිරියාවට එරෙහිව පැවැති තරග වටය ජයගෙන එහි II වැනි කාණ්ඩය දක්වා ඉහළට යෑමේ බලාපොරොත්තුවෙන් මෙම තරගාවලියට සහභාගි විය.

කෙසේ වුවත් සිරියාවට එරෙහිව පැවැති තරග වටය 3-0 ක් ලෙස පරාජයට පත්වීමට හේතුවෙන් ශ්‍රී ලංකාවට තවදුරටත් III වැනි කාණ්ඩයේම රැදී සිටීම සඳහා සත්කාරක ජෝර්දානයට එරෙහිව කඩයිම් තරග වටයකට ක්‍රීඩා කිරීමට සිදුවිය.

එහෙත් එම තරග වටයෙන්ද 2-1 ක් ලෙස පරාජය වීම නිසා ශ්‍රී ලංකාවට IV වැනි කාණ්ඩය දක්වා පසුබැසීමට සිදුවිය. සෙයිෆ් ඇඩාස්ට එරෙහිව පැවැති පළමු කේවල තරගය වට 2-0 ක් ලෙස ජයගැනීමට යසිත ද සිල්වා සමත්වීම එහිදී ශ්‍රී ලංකාව ලැබූ එකම ජයග්‍රහණය විය.

තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට යසිත ද සිල්වා, ටෙහාන් විජේමාන්න, චාතූර්ය නිලවීර සහ විබුද විජේබණ්ඩාර යන ක්‍රීඩකයන් ඇතුළත් වූ අතර කණ්ඩායමේ පුහුණුකරු සහ ක්‍රීඩා නොකරන නායකයා ලෙස රෙනුක් විජේමාන්න මහතා කටයුතු කළේය.


සිරියාවට එරෙහිව පැවැති තරගය (3-0)
■    යකූබ් මක්සොවුම් විසින් වට 3-1 ක් ලෙස යසිත ද සිල්වා පරාජය කරන ලදි. (6/4, 2/6, 7/6)
■    කරීම් අල් අලාෆ් විසින් වට 2-0 ක් ලෙස ටෙහාන් විජේමාන්න පරාජය කරන ලදි. (6/0, 6/4)
■    කරීම් අල් අලාෆ් සහ අමීර් නාවෝ විසින් වට 2-0 ක් ලෙස චාතූර්ය නිලවීර සහ ටෙහාන් විජේමාන්න පරාජය කරන ලදහ. (6/4, 7/6)


ජෝර්දානයට එරෙහිව පැවැති තරගය (2-1)
■    යසිත ද සිල්වා විසින් වට 2-0 ක් ලෙස සෙයිෆ් ආඩාස් පරාජය කරන ලදි. (6/4, 7/6)
■    මෞසා අල්කොටොප් විසින් වට 2-1 ක් ලෙස චාතූර්ය නිලවීර පරාජය කරන ලදි. (6/2, 3/6, 7/5)
■    යසිද සිල්වා සහ ටෙහාන් විජේමාන්න වට 2-0 ක් ලෙස හම්සි අල් අස්වාඞ් සහ මෞසා අල්කොටොප් පරාජය කරන ලදි.

 


අදහස් (0)

ශ්‍රී ලංකාව IV වැනි කාණ්ඩයට පසුබසියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.