Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ආසියානු කි‍්‍රකට් සභාව සංවිධානය කරන යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ශ්රී ලංකා යොවුන් කණ්ඩායම සහ පාකිස්තාන යොවුන් කණ්ඩායම අතර හෙට (30 වැනිදා) ඩුබායිහි අන්තර් ජාතික කි‍්‍රකට් විද්‍යායතන කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. තරගය ශ්රී ලංකා වේලාවෙන් පෙරවරු 11.00 ට ආරම්භ වීමට නියමිතය.
මූලික වටයේදී කුවේට් යොවුන් කණ්ඩායමට එරෙහිව ලකුණු 274 ක දැවැන්ත ජයක් ලබාගත් ශී‍්‍ර ලංකා යොවුන් කී‍්‍රඩකයෝ නේපාල යොවුන් කණ්ඩායමට එරෙහිව ලකුණු 60 ක ජයක්ද වාර්තා කිරීමට සමත් වූහ. කෙසේ වුවත් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සමග පැවැති තරගයේදී විනිසුරුවරුන් දෙදෙනාට කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි සොයා ගැනීමෙන් පසුව තරගය නවතා දැමීම හේතුවෙන් ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.
එම තරගය විසඳුමකින් තොරව අවසන් වීම නිසා බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අවසන් පූර්ව වටයට පිවිසීමට හැකි විය.
මූලික වටය අවසානයේ සහභාගි වූ තරග 3 ම ජයගත් පාකිස්තාන යොවුන් කණ්ඩායම එම කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. එහිදී පාකිස්තානය හමුවේ පමණක් පරාජයට පත්වූ ඉන්දීය යොවුන් කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසියේ ‘ඒ’ කාණ්ඩයේ දෙවැනියා ලෙසිනි.
ඒ අනුව ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණගත් පාකිස්තාන යොවුන් කණ්ඩායමට එරෙහිව ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකරගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හෙට අවසන් පූර්ව වටයේදී තරග වදිනු ඇත. ‘බී’ කාණ්ඩයේ පෙරමුණගත් බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට අවසන් පූර්ව වටයේදී තරග වැදීමට සිදුව ඇත්තේ ඇත්තේ ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකරගත් ඉන්දීය යොවුන් කණ්ඩායමට එරෙහිවය.
බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සහ ඉන්දීය යොවුන් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයද ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (30 වැනිදා) පෙරවරු 11.00 සිට සාජා කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
තරගාවලියේ අවසන් මහ තරගය 31 වැනිදා ඩුබායි ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.