Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හෝරා දෙකකට ආසන්න කාලයකදී, ඕවර 30 කින් ලකුණු 178 ක් උදුරාගත් රනුද සෝමරත්න (නොදැවී 120) ඇතුළු පසුපෙළ පිතිකරුවෝ චෙම්ස්ෆෝඩ්හිදී පැවැති පළමු වැනි යොවුන් ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලු 3 ක විශිෂ්ට ජයක් කරා කැඳවාගෙන ගියහ. මෙම ජයත් සමගින් තරග දෙකකින් සමන්විත යොවුන් ටෙස්ට් තරගාවලිය පරාජය නොවන ස්ථානයකට පිවිසි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම 1-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගත්තේය.
තරගයේ අවසන් දිනය වූ බදාදා (24 වැනිදා) ලකුණු 273 ක ඉලක්කයක් කරා යාමට ශ්‍රී ලංකා යොවුන් පිලට තිබුණේ සීමිත කාලයකි. පස්වැනි කඩුල්ලත් ලකුණු 98 දී බිඳ වැටීම හේතුවෙන් ශ්‍රී ලංකා යොවුන් පිල බලාපොරොත්තු සුන්වන ස්ථානයකට ඇදි ගියේය.
රනිඳු සෝමරත්න (නොදැවී 35) සහ ළහිරු දෙවටගේ (නොදැවී 00) දෙදෙනා ඒ වන විට පිටියේ රැඳී සිටියහ.
මෙම අවස්ථාවේදී රනිඳු සෝමරත්න සිය ලකුණු ලබාගැනීම තරමක් වේගවත් කරමින් ළහිරු දෙවටගේ සමගින් එක්ව හය වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 89 ක සම්බන්ධතාවක් ගොඩනැංවීය. හෝරාවක පමණ කාලයක් පැවැති මෙම සම්බන්ධතාව අතරවාරයේදී පන්දු 49 කින් ලකුණු 49 ක් ලබාගත් ළහිරු දෙවටගේ, හතරේ පහර 8 ක් සිය ඉනිමට ඇතුළත් කළේය.
සෝමරත්න සහ විනුජ රන්පුල් අතර පැවැත් හත්වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 42 කට සීමා වූ නමුත්, කිසිම ආකාරයකින් තම අධිෂ්ඨානය අත්නොහළ සෝමරත්න තරගය අවසන් කළේ පන්දු 115 කින් නොදැවී ලකුණු 120 ක් ලබාගනිමිනි. සෝමරත්න සහ වනුජ සහන් (23) අතර පැවැති අඛණ්ඩ සම්බන්ධතාව ලකුණු 47 ක් විය.
ලකුණු 98 දී පස්වැනි කඩුල්ල ඇද වැටෙන විට පන්දු 48 කින් ලකුණු 35 ක් ලබා සිටි රනුද සෝමරත්න එතැන් සිට ලබාගත් ලකුණු 85 වෙනුවෙන් මුහුණ දුන්නේ පන්දු 67 කට පමණි. රනුදගේ සමස්ත ඉනිම හතරේ පහර 12 කින් සහ හයේ පහරකින් සමන්විත විය.
ළහිරු දෙවටගේ සහ සෝමරත්න එක්ව කළ අනපේක්‍ෂිත ප්‍රහාරය හේතුවෙන් එංගලන්ත යොවුන් පන්දු යවන්නන් තරමක් පසුපසට ඇද වැටුණු අතර එයින්ම ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය කරා යාමට අවශ්‍ය තරම් කාලයද ඉතිරි විය.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි යොවුන් ටෙස්ට් තරගය ලබන ඉරිදා (28 වැනිදා) එංගලන්තයේ ඩාර්බිෂයර්හිදී ආරම්භ වෙයි.
ලකුණු පුවරුව
එංගලන්ත යොවුන් කණ්ඩායම - පළමු ඉනිම 387 යි
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම - පළමු ඉනිම 407 යි
එංගලන්ත යොවුන් කණ්ඩායම - දෙවැනි ඉනිම 292 යි
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම - දෙවැනි ඉනිම
සදීශ රාජපක්‍ෂ - ප.ඇස්පින්වෙල් 4
අසිත වන්නිනායක - ඇ.මැකිනි ප.කෙලී 22
ෂෙවොන් ඩැනියෙල් - ඇ.ඇස්පින්වෙල් 6
පවන් පතිරාජ - ක.මු.කළා ප.ඇස්පින්වෙල් 4
රනුද සෝමරත්න - නොදැවී 120
රවීන් ද සිල්වා - ක.මු.කළා ප.මැකිනි 22
ළහිරු දෙවටගේ - ක.මු.කළා ප.කෙලී 49
විනුජ රන්පුල් - ඇ.හැරී සිං ප.ඇස්පින්වෙල් 18
වනුජ සහන් - නොදැවී 23
අතිරේක 8
එකතුව ඕවර 57.1 කදී කඩුලු 7 ක් දැවී 276
කඩුලු වැටීම :
1-05(සදීශ රාජපක්‍ෂ), 2-21(ෂෙවොන් ඩැනියෙල්), 3-30(පවන් පතිරාජ), 4-48(අසිත වන්නිනායක), 5-98(රවීන් ද සිල්වා), 6-187(ළහිරු දෙවටගේ), 7-229(විනුජ රන්පුල්),
පන්දු යැවීම :
බෙන්ජමින් ක්ලිෆ් : 10.1-0-43-0
තෝමස් ඇස්පින්වෙල් : 16-3-67-4
ඩොමිනික් කෙලී : 11-1-52-2
එඩී ජැක් : 4-0-13-0
බර්ටි ෆෝමන් : 13-0-74-0
බෙන් මැකිනි : 3-0-21-1
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.