Last Update  :  2025-07-19 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා යොවුන් පිලට කඩුලු 5 ක ජයක්

ශ්‍රී ලංකා යොවුන් පිලට කඩුලු 5 ක ජයක්

editorial - 2023 මාර් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා, බංග්ලාදේශ සහ ඇෆ්ඝනිස්ථාන වයස 19 න් පහළ කණ්ඩායම් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේදී බංග්ලාදේශ 19 න් පහළ කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ඊයේ (20 වැනිදා) සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 230 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රීඩකයෝ ඕවර 44.3 ක් අවසානයේ කඩුලු 5 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. පන්දු 122 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 101 ක් රැස්කළ ආරම්භක පිතිකරු සිනෙත් ජයවර්ධන ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.

හිරුන් කපුරුබණ්ඩාර (52) සමග එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 110 කදී ලකුණු 95 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සිනෙත්, ඉන් නොනැවතී දිනුර කළුපහන (10) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 51 කදී ලකුණු 43 ක්ද එක්කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමුවේය. 

පන්දු 51 කදී වාර්තා වූ හිරුන්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 9 කින් සමන්විත වූ අතර පන්දු 42 කට මුහුණදුන් හිරාන් ජයසුන්දර හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 35 ක් රැස්කරමින් ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ 19 න් පහළ කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 229 ක් ලබාගත්තේය. බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක අහරර් අමීම් පන්දු 70 කින් ලකුණු 50 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ පා දඟ පන්දු යවන ක්‍රීඩක මල්ෂ තරුපති සිය ඕවර 10 ලකුණු 35 කට සීමා කරමින් කඩුලු 3 ක් බිඳහෙළුවේය. විෂ්ව ළහිරු, ගරුක සංඛේත් සහ ටේ‍රවීන් මැතිව් කඩුල්ල බැගින් දවාගනිමින් බංග්ලාදේශ යොවුන් පිතිකරුවන් පීඩනයට පත් කිරීම සඳහා මල්ෂට අනගි සහායක් දුන්හ. 

බංග්ලාදේශ 19 න් පහළ පිල - ඕවර 50 කදී කඩුලු 8 කට 229 
(අෂිකුර් රහමන් 18, චෞදුර් රිස්වාන් 38, ජිෂාන් අලාම් 40, අරිෆුල් ඉස්ලාම් 17, අහාරර් අමීම් 50, මොහොමඩ් ශිහාබ් 16, රොහානත් දූලා නොදැවී 19, මල්ෂ තරුපති 35/3) 

ශ්‍රී ලංකා 19 න් පහළ පිල - ඕවර 44.3 කදී කඩුලු 5 කට 234 
(හිරුන් කපුරුබණ්ඩාර 52, සිනෙත් ජයවර්ධන 101, හිරාන් ජයසුන්දර 35, ජිෂාන් අලාම් 31/3) 

-036


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් පිලට කඩුලු 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.