Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන ගිම්හාන (2022-23) තරග කාලසටහනට අනුව ශ්‍රී ලංකාව සමගින් ටෙස්ට් තරග 2 ක්, එක්දින තරග 3 ක් සහ විස්සයි20 තරග 3 ක් ඇතුළත් ක්‍රීඩා කරනු ලැබේ.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලබන වසරේ මාර්තු මාසයේදී නවසීලන්තයේ තරග සංචාරයට සහභාගිවීමට නියමිතව ඇත.
ටෙස්ට් තරගාවලිය ආරම්භ කරමින් පළමු ටෙස්ට් තරගය මාර්තු 9 වැනිදා ක්‍රයිස්චර්ච්හිදී ද දෙවැනි ටෙස්ට් තරගය වෙලින්ටන්හිදී ද පැවැත්වේ. එක්දින තරගාවලිය මාර්තු 25 වැනිදා ආරම්භ වේ. විස්සයි20 තරගාවලිය අප්‍රේල් 2 වැනිදා ආරම්භ වේ. එක්දින තරග ඕක්ලන්ඞ්, ක්‍රයිස්චර්ච් සහ හැමිල්ටන් හිදි පැවැත්වෙන අතර විස්සයි20 තරග ඕක්ලන්ඞ්, ඩුනේඩින් සහ ක්වීන්ස් ටවුන්හිදී පැවැත්වේ.
ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 3.30 ට ආරම්භ වන අතර එක්දින තරගාවලිය පෙරවරු 6.30 ටද විස්සයි20 තරගාවලි පෙරවරු 5.30 ට ද ආරම්භ වේ.
නවසීලන්ත කණ්ඩායමේ එළඹෙන ගිම්හාන තරග කාළ සටහනට අනුව බංග්ලාදේශය සහ පාකිස්තානය සමගින් තුන්කොන් විස්සයි20 තරගාවලියක් මේ වසරේ ඔක්තෝබර් 8 වැනිදා ආරම්භ වේ. ඉන් පසුව ඉන්දීය කණ්ඩායම එක්දින සහ විස්සයි20 තරගාවලියක් සඳහා නොවැම්බර් මාසයේදී නවසීලන්තයේ සංචාරය කෙරේ.
ඒ අතර බංග්ලාදේශ කාන්තා කණ්ඩායම එක්දින සහ විස්සයි20 තරගාවලියක් සඳහා දෙසැම්බර් මාසයේදී නවසීලන්තයේ සංචාරය කරයි.
ශ්‍රී ලංකා සංචාරයට පෙර එංගලන්ත කණ්ඩායම තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ලබන වසරේ පෙබරවාරී මාසයේදී නවසීලන්තය බලා යාමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ තරග කාලසටහන
2023 මාර්තු 09 සිට 13 දක්වා - පළමු ටෙස්ට් තරගය, ක්‍රිස්ට්චර්ච්හිදී
2023 මාර්තු 17 සිට 21 දක්වා -දෙවැනි ටෙස්ට් තරගය, වෙලිංටන්හිදී
2023 මාර්තු 25 - පළමු එක්දින තරගය, ඕක්ලන්ඞ්හිදී
2023 මාර්තු 28 - දෙවැනි එක්දින තරගය, ක්‍රිස්ට්චර්ච්හිදී
2023 මාර්තු 31 - තෙවැනි එක්දින තරගය, හැමිල්ටන්හිදී
2023 අප්‍රේල් 02 - පළමු විස්සයි20 තරගය, ඕක්ලන්ඞ්හිදී
2023 අප්‍රේල් 05 - දෙවැනි විස්සයි20 තරගය, ඩුනේඩීන්හිදී
2023 අප්‍රේල් 08 - තෙවැනි විස්සයි20 තරගය, ක්වින්ස් ටවුන්හිදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.