Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස්’ ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ සහභාගි වූ අවසන් තරගයේදී බංග්ලාදේශ ප්‍රවීණයන්ගේ කණ්ඩායමට එරෙහිව ලකුණු 70 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම අද (27 වැනිදා) සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 214 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ ප්‍රවීණයන්ට තිලකරත්න ඩිල්ෂාන් ප්‍රමුඛ ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 143 ක් පමණි.
එහිදී ඩිල්ෂාන් ලකුණු 26 කට කඩුලු 3 ක් දවාගත් අතර අසේල ගුණරත්න ලකුණු 24 කට කඩුලු 2 ක් බිඳහෙළුවේය. බංග්ලාදේශ ප්‍රවීණයන්ගේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ තුෂාර් ඉම්රාන් පන්දු 54 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 52 ක් රැස්කළේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ප්‍රවීණයෝ ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 213 ක් ලබාගත්තේය. එහිදී නායකත්වයේ පිතිහරඹයක නිරත වූ තිලකරත්න ඩිල්ෂාන් පන්දු 30 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග වේගවත් ලකුණු 51 ක් රැස්කළේය.
ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන් මහේල උඩවත්ත (43) පළමු කඩුල්ල වෙනුවෙන් සනත් ජයසූරිය (37) සමග එක්ව පන්දු 38 කදී ලකුණු 56 ක්ද, දෙවැනි කඩුල්ල වෙනුවෙන් ඩිල්ෂාන් සමග එක්ව පන්දු 28 කදී ලකුණු 56 ක්ද එක් කිරීමට සමත් විය.
එහිදී පන්දු 27 කට මුහුණදුන් උඩවත්ත හයේ පහර 3 කින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 25 කදී වාර්තා වූ ජයසූරියගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය. චාමර සිල්වා පන්දු 24 කින් නොදැවී ලකුණු 34 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි.
ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 213
(මහේල උඩවත්ත 43, සනත් ජයසූරිය 37, තිලකරත්න ඩිල්ෂාන් 51, චාමර සිල්වා නොදැවී 34, උපුල් තරංග 15, ඉසුරු උදාන නොදැවී 17)
බංග්ලාදේශ ප්‍රවීණයන්ගේ පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 143
(තුෂාර් ඉම්රාන් 52, ආලෝක් කපාලි 18, අබ්දුල් හසන් 29, තිලකරත්න ඩිල්ෂාන් 26/3, අසේල ගුණරත්න 24/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.