Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළඟ අනු ශූරතාවෙන් සැනසෙති

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළඟ අනු ශූරතාවෙන් සැනසෙති

editorial - 2021 නොවැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩුබායි ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති ඩයලොග් ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ කාන්තා ඉසව්වේ පළඟ අවසන් මහ තරගයේදී තායිලන්තය හමුවේ ලකුණු 45-0 ක දැවැන්ත පරාජයක් ලැබූ ශ්‍රි ලංකා ක්‍රීඩිකාවන්ට එහි අනු ශූරතාවෙන් සෑහීමකට පත්විමට සිදුවූහ. ඒ අනුව කණ්ඩායම් 8 ක සහභාගීත්වයෙන් පැවැති මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට 6 වැනි ස්ථානය හිමිවිය.

පළඟ අවසන් තරගයේදී තායිලන්ත ක්‍රීඩිකාවෝ ගෝල දිනුම් 5 ක් සහ උත්සාහක දිනුම් 2 ක් සමග ලකුණු රැස්කළහ. එහිදී පැසන් ජීන්ජොබ් සහ තනපෝන් හුවාන්කිඩ් උත්සාහක දිනුම් 2 බැගින්ද, ජිරවාන් චුට්‍රකුන්, පියමට් චොම්පුමී සහ වැනරී මීචොක් එක් උත්සාහක දිනුම බැගින්ද ලබාගත්හ. ඉන් උත්සාහක දිනුම් 5 කම ප්‍රවර්ථනයන් සාර්ථක කර ගනිමින් ඒවා ගෝල බවට පත්ක‍ළේ බුට්සායා බුන්රැක් විසිනි.

මූලික වටයේදී මැලේසියාවට එරෙහිව ලකුණු 12-10 ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට, චීනය හමුවේ ලකුණු 57-0 ක් ලෙසත්, හොංකොං රාජ්‍යය හමුවේ ලකුණු 38-5 ක් ලෙසත් පරාජයට පත්වීම නිසා තරගාවලියේ පළඟ ශූරතාව වෙනුවෙන් තරඟ වැදීමට සිදුවිය. ඔවුන් පළඟ අවසන් මහ තරගයට පිවිසියේ එහි අවසන් පූර්ව තරගයේදී පිලිපීනයට එරෙහිව ලකුණු 19-15 ක ජයක් ලබමිනි.

-036


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළඟ අනු ශූරතාවෙන් සැනසෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.