Last Update  :  2025-05-19 21:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා කණ්ඩායම් නායකත්වය දිල්හානිට - සුමේධට
ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය

ශ්‍රී ලංකා කණ්ඩායම් නායකත්වය දිල්හානිට - සුමේධට

editorial - 2025 මැයි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

දකුණු කොරියාවේදී මැයි 27 වැනිදා ආරම්භ වන 26 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ (ක්‍රීඩකයන් වෙනුවෙන්) නායකයා ලෙස හෙල්ල විසි කිරීමේ ශූර සුමේධ රණසිංහ නම් කර තිබේ. එහිදී කණ්ඩායමේ ක්‍රීඩිකාවන් වෙනුවෙන් නායිකාව ලෙස පත් කර සිටින්නේ හෙල්ල විසි කිරීමේ ශූරී නදීෂා දිල්හානී ලේකම්ගේය.

ඒ අනුව සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට හෙල්ල විසි කිරීමේ ඉසව්ව නියෝජනය කරන ක්‍රීඩිකාවක් හා ක්‍රීඩකයෙකු නිර්දේෂ කර තිබීම කැපී පෙනේ.

මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය මැයි 27 සිට 31 වැනිදා දක්වා දකුණු කොරියාවේ ගුමී නුවරදී පැවැත්වේ.ඒ සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය ප්‍රකාශයට පත් කර තිබේ. එහිදී සහය දිවීමේ ඉසව් හතරකටද ශ්‍රී ලංකාව සහභාගි වේ.

 ශ්‍රී ලංකා කණ්ඩායම් නායකත්වයට පත්වූ මෙම ක්‍රීඩකයා මෙන්ම ක්‍රීඩිකාවද ඔලිම්පික් උළෙල ඇතුළුව ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර තරගාවලි රැසක අත්දැකීම් හෙබි එහි පදක්කම් දිනුවෝ වෙති.

අවසන් වරට 2024 වසරේදී පැවැති පැරිස් ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා සමස්ත කණ්ඩායමේ නායකත්වයට නිර්දේෂ වූයේද 37 හැවිරිදි දිල්හානි ලේකම්ගේය. 35 හැවිරිදි සුමේධ රණසිංහ වසර 2016 රියෝ නුවරදී පැවැති ඔලිම්පික් උළෙලට නිර්දේශ ලබා ගත් වසර 2019 වූහාන් නුවරදී පැවැති ලෝක හමුදා ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා තිබේ.

දිල්හානි මීට පෙර ආසියානු ශූරතා (2017 - 2023) රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක්ද ආසියානු ක්‍රීඩා (2022) රිදී පදක්කමක්ද දිනා ගැනීමට සමත්ව තිබේ. මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම් නායකත්වයට පත් කළ දිල්හානි හා සුමේධ පදක්කම් දිනා ගැනීම කෙරෙහි ශ්‍රී ලංකාව වඩාත්ම විශ්වාසයකින් පසු වන බව ශ්‍රී ලංක මලල ක්‍රීඩා ආයතනයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා පවසයි.

කෙසේවූවත් නායිකා දිල්හානීගේ පැරිස් ඔලිම්පික් දක්ෂතාවය මීටර 53.66 කට සීමාවූවාය. සුමේධ රණසිංහගේ හෙල්ල විසි කිරීමේ මෙතෙක් හොදම දක්ෂතාවය මීටර 83.04 කි.හෙල්ල විසි කිරීම (කාන්තා) ඉසව්වේ තව දුරටත් ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන දිල්හානි ලේකම්ගේගේ එම දක්ෂතාවය මීටර 61.57 කි.
 


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායම් නායකත්වය දිල්හානිට - සුමේධට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.