Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට එයි

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට එයි

ශනුක අරවින්ද - 2014 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 5 Comment
A A A

සිංගප්පූරුවේදී පැවැත්වෙන නව වැනි ආසියානු දැල්පන්දු තරගාවලියේදී ඊයේ (11) පැවැති තරගයකදී ප‍්‍රබල මලයාසියාවට එරෙහිව ලකුණු 66-62ක තියුණු ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඒ අනුව මෙවර තරගාවලියේ මූලික වටය අපරාජිතව අවසන් කිරීමට සමත්වූ ශ්‍රී ලංකාව, හෙට (13) පැවැත්වෙන තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී හොංකොං කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතය.

දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ මලයාසියාව හා සිංගප්පූරුව අතරය. ඊයේ ප‍්‍රබල මලයාසියාව පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකාව සමත්වීම කැපී පෙනෙන්නේ ශ්‍රී ලංකා පිලට මූලික වටයේ මුණ ගැසුණු ප‍්‍රබලතම කණ්ඩායම එය වූ බැවිනි.

කෙසේ වුවත් තරගයේ මුල් භාගයේ මලයාසියානු ක‍්‍රීඩිකාවන් ශ්‍රී ලංකා කණ්ඩායමට ප‍්‍රබල තර්ජනයක් ගෙන දෙමින් තරග වැදුණු අතර, එහිදී මුල් වටයේ ජය ද ඔවුන් සතුකර ගත්හ.

ශ්‍රී ලංකාව අතින් ඊයේ පරාජයට පත්වූ මලයාසියානු කණ්ඩායම පළමු වටය ලකුණු 17-14ක් හා තෙවැනි වටය ලකුණු 17-16ක්  ලෙසත් ජය ගැනීම කැපී පෙනේ. දෙවැනි වටය ලකුණු 19-14ක් ලෙසත් තීරණාත්මක අවසන් වටය ලකුණු 17-14ක් ලෙසත් ජය ගනිමින් සමස්ත තරගයේ ජයග‍්‍රහණය ශ්‍රී ලංකාව හිමිකර ගත්තේය.

ඒ අනුව ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ එක් කඩ ඉමක් ජය ගෙන ඇත්තේ අවසන් පූර්ව වටයට පිවිසෙමිනි.

අවසන් වරට පැවැති හොංකොං ආරාධිත දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාව හොංකොං රාජ්‍යයට පරාජය වුවත් හෙට අවසන් පූර්ව තරගයේදී ඔවුන්ට එරෙහිව ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවන් ඉහළම දස්කම් දක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

චීන තායිපේ, මියන්මාරය, බෲනායි යන රටවල් තරගාවලියේ මීට පෙර ශ්‍රී ලංකාව අතින් පරාජයට පත්වූ රටවල්ය. අවසන් වරට (2009) ආසියානු දැල්පන්දු කුසලාන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩිකා හෂිනා සමරසිංහ මෙවරත් ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරයි.

 

ඡායාරූප - සිංගප්පූරු දැල් පන්දු සංගමය අනුග‍්‍රහයෙනි


අදහස් (5)

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.