Last Update  :  2025-12-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා කි‍්‍රකට් පිල ඉන්දියාවට

ශ්‍රී ලංකා කි‍්‍රකට් පිල ඉන්දියාවට

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ හදිසි ආරාධනාවකට අනුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ලබන නොවැම්බර් මස 1 වැනිදා සිට තරග පහකින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියක් සදහා ඉන්දියාවට පිටත්ව යෑමට නියමිතය.

ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර මේ දිනවල පැවැත්වෙන එක්දින තරගාවලියේ අද (17) පැවැති සිවුවැනි තරගයෙන් පසුව බටහිර ඉන්දීය කොදෙව් පිල තරගාවලිය අතරමග නවත්වා නැවත සියරට යෑමට තීරණය කර තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් පාලක මණ්ඩලය සහ ක‍්‍රීඩකයන් අතර මීට මාස කීපයක සිට පවතින ගෙවීම් පිළිබදව ප‍්‍රශ්නයක් හේතුවෙන් එහි ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ සංගමය තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

නොවැම්බර් මස 19 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ මෙම තරගාවලියෙන් කොදෙව් පිල ඉවත් වීමෙන් දෙරට අතර එක්දින තරගයක්, විස්සයි20 තරගයක් සහ ටෙස්ට් තරග තුනක් අත්හිටුවීමට සිදුව තිබේ.

මේ පිළිබදව ‘ලංකාදීප’ කළ විමසුමකදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවසුවේ ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ ආරාධනාවකට අනුව එම තරගාවලියට සහභාගි වීමට තීරණය කළ බවයි.

”ඉන්දියාව අපිට තරගාවලියට ආරාධනා කළේ මේ මස 22 වැනිදා සිට සහභාගි වෙන්නයි. නමුත් අපිට කාලය අවශ්‍ය නිසා නොවැම්බර් 1 වැනිදා තරගාවලිය ආරම්භ කරන්න අපි එකග වුණා. තරග පැවැත්වෙන දින මේ දක්වා තීරණය කර නෑ” යැයි ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.

ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර ශ‍්‍රී ලංකාවේදී පැවැත්වෙන තරග හතරකින් සමන්විත එක්දින තරගාවලිය නොවැම්බර් මස 26 වැනිදා ආරම්භ වීමට නියමිතය.  

 


 

 


අදහස් (0)

ශ්‍රී ලංකා කි‍්‍රකට් පිල ඉන්දියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.