Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා කණ්ඩායම ගෞරවාන්විත තරගයක

ශ්‍රී ලංකා කණ්ඩායම ගෞරවාන්විත තරගයක

editorial - 2021 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ - මාලේ නුවර සිට)

‘මාලේ’ නුවරදී දැන් පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ අද (7) පස්වරුවේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැති තරගය නිලකුණු තත්වයක් මැද අවසන් විය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තරගයකදී ඉන්දියාව සමග පැවැති තරගයක් ජය පරාජයකින් තොරව අවසන් කරගත්තේ වසර 18 කට පසුවය.

වසර 2003 දී මෙම තරගාවලියේදීම ඉන්දියාවට එරෙහිව පැවැති තරගය ගෝල 1-1 කට ජය පරාජයෙන් තොරව අවසන් වූ නමුත් අද තරගයේදී දෙපිලටම ගෝල ලබාගැනීමට නොහැකි විය.

කෙසේ වෙතත්  ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 107 වැනි ස්ථානයේ සිටින ඉන්දියානුවන් හමුවේ ගෞරවනීය තරගයක යෙදෙමින්, තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීම ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව මෑත කාලයේදී ලබාගත් ඉහළ තක්සේරුවකි. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව පසුවන්නේ 205 තරම් පහළ ස්ථානයකය.

කෙසේ වෙතත් මෙම තරගයේ ප්‍රතිඵලය අනුව තරගාවලියේ කුසලාන කෙරෙහි විශ්වාසය තබා තිබෙන ඉන්දියාවේ පාපන්දු අභිමානය යම් ඉරි තැළීමකට ලක්වූ බව නම් ස්ථිරය.

මෙම තරගාවලියේදී බංග්ලාදේශය හමුවේ ගෝල 1-0 කින් හා නේපාලය හමුවේ ගෝල 3-2 කින් ශ්‍රී ලංකාව පරාජයට පත්විය. මෙම තරගය සමවීම නිසා මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව පළමු වතාවට ප්‍රසාද ලකුණු සටහනේ එක ලකුණක් වාර්තා කිරීමට හැකි විය.

මෙම තරගයේදී ඉන්දියානුවන් ශ්‍රී ලංකා පෙදෙස වැඩි කාලයක් ආක්‍රමණය කරමින් තරග වැදුණත් ශ්‍රී ලංකා දැල් රකින්නා වන නායක සුජාන් පෙරේරාගේ දැල් රැකීමේදී පළ කළ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ඉන්දියානුවන්ට ගෝල ලබාගැනීමට තිබූ අවස්ථා කීපයක් මග හැරී ගියේය.

බංග්ලාදේශයට එරෙහිව තරගයේදී රතු කාඩ්පත ලබා දෙවැනි භාගයේදී පිටියෙන් පිටමං කළ ශ්‍රී ලංකා ක්‍රීඩක ඩුක්ෂන් පස්ලස් යෝගේන්ද්‍රන් අද තරගයේදී දක්ෂතම ක්‍රීඩකයා හෙවත් තරගයේ වීරයාට හිමි සම්මානය දිනාගත්තේය. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයකු තරගයේ විරයා වූ පළමු අවස්ථාවද  මෙය වේ.

අද  තරගයෙන් පසුව නායක සුජාන් පෙරේරා පැවසුවේ වසර 18කට පසුව ඉන්දියාව සම කිරීමට සමත්වීම සත්කාරක මාලදිවයිනට එරෙහිව ඉරිදා (10) පැවැත්වෙන තරගයට වඩාත් අභිමානයෙන් මුහුණ දීමට  අවස්ථාවක් වූ බවයි.

කෙසේ වුවත් අද තරගයේදී ශ්‍රී ලංකාවට ජය ගැනීමට නොහැකි වුණත් ඒ සමාන සතුටකින් ‘මාලේ’ ජාතික පාපන්දු ක්‍රීඩාංගනයට රැස්වූ ශ්‍රී ලාංකිකයන්ට තරගය සමවීම පිළිබඳ ප්‍රීතිඝෝෂා පවත්වනු දක්නට ලැබුණි. ඒ අතර තරගය නැරඹීමට පැමිණ සිටි ඉන්දියානුවන් වෙතින් පළවූයේ කකනස්සලු ස්වභාවයකි.

ඉරිදා (10)  පස්වරු 4.30 ට ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර තරගයද එදිනම

රාත්‍රී 9.30 ට ඉන්දියාව සහ නේපාලය  අතර  තරගයද පැවැත්වේ. තරගාවලියේ මූලික තරග නිමා වන්නේ 13 වැනිදාය. මූලික වටය නිමාවේදී වැඩිම ප්‍රසාද ලකුණු ලාභීන් දෙදෙනා අතර අවසන් මහ තරගය පැවැත්වෙන්නේ ලබන සෙනසුරාදා (16) වැනිදාය.

 


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායම ගෞරවාන්විත තරගයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.