Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස්’ විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම හෙට (30 වැනිදා) බටහිර ඉන්දීය කොදෙව් ප්‍රවීණයන්ගේ කණ්ඩායමට එරෙහිව රයිපූර්හිදී තරග බිමට පිවිසීමට නියමිතය. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පස්වරු 7.30 ට ආරම්භ වීමට නියමිතය.
තරගාවලියේ තරග සැකැස්මට අනුව මෙම තරගය අද (29 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබිණ. එහෙත් ඊයේ (28 වැනිදා) පැවැති පළමු අවසන් පූර්ව තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම එහි ඉතිරි කොටස අද දිනයේදී පැවැත්වීමට කටයුතු යෙදූ සංවිධායකයෝ, දෙවැනි අවසන් පූර්ව තරගය හෙට දිනයට කල් දැමූහ.
තරගාවලියේ මූලික වටයේදී ‘බී’ කාණ්ඩය යටතේ සහභාගි වූ තරග 5 න් 4 ක්ම ජයගනිමින් ශ්‍රී ලංකා ප්‍රවීණයෝ අවසන් පූර්ව වටයට පිවිසියහ. එහිදී නවසීලන්තය ප්‍රවීණයන්ගේ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමිණ. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම තවදුරටත් සිය අපරාජිත බව රැකගෙන සිටියි.
බටහිර ඉන්දීය කොදව් ප්‍රවීණයෝ අවසන් පූර්ව වටයට පිවිසියේ ‘ඒ’ කාණ්ඩය යටතේ සහභාගි වූ තරග 5 න් 2 ක් ජයගෙන එක් තරගයක් පරාජයට පත්වෙමිනි. එහිදී ඉන්දීය ප්‍රවීණයන්ගේ කණ්ඩායමට මහ නවසීලන්ත ප්‍රවීණයන්ගේ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ තරග වැස්සට සේදී ගියේය.
තරගාවලියේ අවසන් මහ තරගය ඔක්තෝබර් මස 1 වැනිදා රායිපූර්හීදී පැවැත්වීමට නියමිත අතර යම් හෙයකින් එම තරගයටද වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් ඊට සහභාගිවන කණ්ඩායම් දෙක තරගාවලියේ සම ශූරයන් බවට පත්වනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.